1 උකුලේ ගුරු
හූනු පැට්ටෙක් බයෙන් වාගේ දුවනවා සුදු බිත්තියේ
මකුළු හප්පෙක් උදේ ඉදලා වියනවා දැල කණ්ඩියේ
මෙහෙමනං හරි යන්නෙ නෑ
අළුත් රස්සාවක් හොයාගෙන
සල්ලියක් හරි හම්බ කරගෙන
තව ණයක්වත් පාස් කරගෙන
තවත් බිස්නස් ටිකක් කරගෙන
බලමුකො බලමුකො ...
අනිත් එව්වො වාගේ දවසක ...
බලයි කට්ටිය හන්දියේ
උන්ගෙ ලොකුකන් යටයි එතකොට
කාරෙක නවත්තල
බහිනව මං
යනව මාස්ටර්
බෙඩ්රූම් එකට
තියෙන තුන්වෙනි තට්ටුවේ
නැහිල ආවම
ඇදේ වැටුනම
ඒදාටත් උබ දුවන් ඒනවද
කෑගසා ගෙන උඩපනින්නට
හිනා තල තල කුචු කවන්නට
බුරිය මාමගෙ බන්ඩියේ
ජරා හුනොයි මකුලුවොයි නෑ ලස්සනයි සුද සිවිලිමේ
මගේ සිතුවිලි කඩ කඩා උබ
මොකෝ බං මේ ඇහැරවන්නේ
පුංචි අත් දිගු කරන්නේ
මගෙන් මොනවද අහන්නේ
කවුද අර සුදු බිත්තියේ බයෙන් වාගේ දුවන්නේ
කවුද අර අද උදේ ඉදලා කන්ඩියේ දැල් වියන්නේ
නම් දන්නවා උන්ගෙ මං
ඒත් මං අදුනන්නෙ නෑ
පුංචි දේකට ඔයතරං උබ හිනා වෙන්නේ කට ඇරන්
හැමදාම දුටු දේ බලන්නේ දිලෙන ඇස් දෙක ලොකු කරන්
මගේ උකුලේ පංතියක්
වචන නැති කාලච්චේදයක්
ලෝකෙ ලස්සන දකින හැටිගැන කියා දෙනවා ගුරුතුමා ...
චමිල් හර්ෂණ එදිරිසිංහ
2010 අගෝස්තු
No comments:
Post a Comment
ඔඛේ අදහස