පෙර කතාව නොහොත් පසුබිම
"විශ්වය රග මඩලකි. එහි රගන නළුවෝ අපි වෙමු." - ක්ෂේස්පියර්.
සිහිනයන් ඒකාකාරීව ගලා නොයයි. එයට අගක් මුලක් නැත. සිහිනය නිසා නින්ද කැඩුනාද, නැතහොත් නිදි නොමැති නිසාම සිහිනයක් මැවී පෙනුනාද යන්න මට නිසැකවම කිව නොහැකිය.
එහෙත් එසමයෙහි, නිදි වැරීමකුත්, සිහින දැකීමකුත් විය.
මම
'ඔවුන් ලග' රැගුවෙමි. ඔව්හු 'මා තුළ' රැගූහ.
________________________
නිදිවැරූ ස්වප්නය
ඔව්.., මම ඇඩුව තමයි., ඉතින් මොකද ?˜
එහෙම බෑ˜
ඇයි?˜
එහෙම වෙලා බෑ, ඇයි ජිවිතේ ශක්තිමත්ව ජීවත් කරවන්න බැරි, උදාසීනව විදවන්නැතුව.˜
කරුණාකරල තර්ක කරන්න එපා, ජීවිතය තර්ක කරල තේරුම් ගන්නවත්, විග්‍රහ කරන්නවත් හදන්න එපා. ජීවිතේ අතාර්කිකයි.˜
විකාර., මං කියන්නෙ මේකෙ කිසිම විදියක් නැහැ.˜
මං කිව්වනෙ මේක ට්‍රැජඩි එකක්වත් කොමඩි එකක්වත් නෙමෙයි.˜
ඔව්., ඔයාගෙ මහලොකු විකාර රූපී නාට්‍යය. පුස්ග`ද ගහන, ඉරිතලපු මේ කසිකබල් ර`ගහලේ ඔයයි, ඔයාගෙ විකාර රූපී නාට්‍යයයි තනිවෙලා.˜
ඉතින්˜
ඒකෙ කිසිම වැදගැම්මක් නෑ. නාට්‍යක් උනහම ඇයි ටිකක් ක්‍රීයාකාරී වෙන්න බැරි˜
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
කරුණාකරල නිහඩ වෙන්න. මං මේ කියන්නෙ හැමෝටම ඇහෙන්ඩ, මිනිස්සු බලන් ඉන්නව, අපි නාට්‍යය කරන්න ඕනැ. ඒකෙ වැදගැම්මක් ඇතත් නැතත්.˜
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
හොදයි දැන් හැමෝම ලෑස්ති වෙන්න. මතකයිනෙ හැගීම් ප්‍රකාශ කරන්න.,තදට මිනිස්සුන්ට තේරෙන්න, දැනෙන්න. - ගිහින් පෙන්නන්න ඔයා ඉන්නෙ දුකෙන් කියල.
- නෑ එක්කො එපා - සිංදුවක් කියල පටන් ගන්න. හිතේ තියෙන දේවල් හංග ගන්න, හිර කරගන්න. ගිහින් මූනිච්චාවට හිනා වෙලා එන්න.
- හරි ඔන්න තිරේ ඇරිය.˜
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
සිංදුව ඉවරයි. හරි දැන් දැඩි නිහඩතාවයක්. තව ටිකක්. ශ්ෂ්..ශ්ෂ් නිහඩතාවය තියාගන්න. නියමයි. මිනිස්සු ඇස් අයාගෙන බලන් ඉන්නව..,
- ඇයි ඔයා එක පාරටම කඩා පැන්නෙ. ඒයි කෙල්ලෙ මෙනවද ඔය කරන්නෙ, නෑ හොදයි. ඔය විදියට කරගෙන යන්න..,
- ඇරපු අතක් නෑ, ඔයත් එයා වගෙමයි. රූපෙ වෙනස් වුනා. පසුතලය වෙනස් වුනා.ඇදුම් පැලදුම් දෙබස් සේරම වෙනස් වුනා., ඒත් චරිතය ඒකමයි.
ගොඩක් හොදයි. කෙලිලොල්, ජීවයෙන් පිරිල. ඒත් ප්‍රශස්තයක් තියාගන්න. , ඔය ඇති ළමයො නැටුව. ඔයා මගෙ නාට්‍යයෙ අභිප්‍රේතාර්ථය නැති කරන්ඩද හදන්නෙ.
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
හොදයි කෝ අපේ කට්ටිය. පටන් ගන්න නරියා සහ මිදිවැල.,
- කෝ මේ නරිය ˜
මම˜
හරි, එන්න ඉක්මනින් - උඩ පනින්න ˜
මට බෑ˜
ඇයි˜
මම දන්නව උස නෑ˜
කමක් නෑ පනින්න˜
මට බැහැ˜
නැහැ ඔයා පනින්ඩම ඕනැ˜
ඇයි˜
ඔයා නරියෙක් නිසා˜
හැම නරියෙක් ම එක වගේ වෙන්ඩ ඕනැද, සම්ප්‍රදාය බිදින්න බැයි ද ? ˜
ඒත් ඔයා නැහැයි කියන්ඩ එපා., ඔයා මිදි වලට ආසයි˜
ඔව් ඉතින් මම කිව්වෙ නෑනෙ මිදි තිත්තයි කියල, ඒව රසයි. ඒත් උස නෑ. ආ ඔයාගෙ ඔළුව, මෙන්න වලිගෙ මං යනව.˜
හොදයි ., ගිහින් එන්න. මෙහෙන් යන්න , දොර මේ පැත්තෙ.˜
-
හොදයි මං බලාගෙන ඉන්නම් පැත්තකට වෙලා. ඔයාල නාට්‍ය කරගෙන යන්න.
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
දුෂ්මන්ත ආව. වෙදිකාව ආලෝකමත් උනා. සදතරු ගහකොල පිබිදිලා. අද හරි ලස්සන දවසක්, ජීවිතේ සුන්දරයි නේද ?˜
දන්නෙ නෑ˜
එහෙනං ලිපට පනින්න˜
පොඩ්ඩක් ඉන්න., අර කවුද වැන්ගෝ නේද ?˜
හ්ම් වින්සන්ට් වැන්ගෝ - ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිය˜
පිස්තෝලෙකුත් අරගෙන තිරිගු යායක් මැද, ˜
මිනිහට පිස්සුද කොහෙද..˜
නෑ පැටියො., බලාන ඉන්න උන් හරිම සංවේදී මිනිස්සු, උන්ට පොඩි දේකටත් රිදෙනව. මිනිහගෙ හිතේ මොකක්දෝ ලොකු ශෝකයක් පල් වෙනව. බලන්න එයා එක හොදට පෙන්නනව˜
ඒත් ජීවිතේ තියෙන්නෙ විදවන්න නෙමෙයි., රස විදින්න.˜
මොකක්ද ඔයා රස විදිනව කියල අදහස් කලේ..˜
රස විදින එක, සතුටු වෙන එක, තෘප්තිමත් වෙන එක˜
තේරෙනව කියන දේ. ජීවිතේ රස උරන්න.., හහ්., ඉපදුනා, කනව, බොනව, ඒවයින් සතුටු වෙනව, ලිංගිකව සතුටු වෙනව, සතුට හොයාගෙන යනව, සැපය සොයාගෙන යනව, හරි මොකක්ද ඒකෙ තියෙන මහලොකු දේ්. ඕක සත්තුත් කරනව ˜
හරි එතකොට ඔයා මොකක්ද කරන්න කියන්නෙ˜
ඒකද ජීවිතේ හරය, ඉපදිලා ජීවිතේ උපරිම රසවිදල මැරිල යන එකද , "ජීවිතේ හරය", ඒකද සාදනීය අරමුණ, ශාක්සාත් කරගතයුතු ජයග්‍රහනය, විමුක්තිය.˜
නැතුව˜
නැහැ ඊට වඩා දෙයක් මේකෙ තියෙනව -
ඇයි අපිට බැරි ජීවිතයට අළුත් අර්ථයක් දෙන්න. අපි හැමෝම දුවන්නෙ අනාදිමත් කාලයක් හැම මිනිහෙක්ම දුවපු රේල් පීල්ල උඩ නේද ? ස්වභාවිකවම අපි තියරියකට යට වෙලා. සොබාව දර්මය අපිව යටකරගෙන අපිව නටවනව රූකඩ වගේ ., ඉපදියන්, අඩපං, පොඩිකාලෙ මෙහෙම ඉදපං, සෙල්ලං කරපං, ලොකුවෙයන්, සතුටු වෙයන්, විරුද්ධ ලිංගිකයන් එකතු කරගනින්, වර්ගයා බෝ කරපං, දැන් ඉතින් උඛෙන් වැඩක් නෑ මැරිල පලයන්. ඕකයි, ඕකයි මහලොකු ජීවිතේ, හිතන්න මොකක්ද මේ ජහජරාවෙ රසවිදින්න තියෙන්නෙ.˜
ඉතින්˜
ඇයි අපිට බැරි මේ සේරම කඩා බිදගෙන නිදහස් වෙන්න.˜
ඒක කරන්න බෑ˜
ඇයි බැරි.., මයිකල් ඇන්ජලෝල, ඩාවින්චිල කලෙත් ඒ දේ කියලයි මටනං හිතෙන්නෙ.., ක්‍රිස්තුස් වහන්සෙ කලෙත්, ගාන්ධි කලෙත්, ඕෂො කලෙත්, ක්‍රිශ්ණ මූර්ති කලෙත් ඒක. සොබාව දර්මයේ සාමාන්‍ය ක්ෂුද්‍ර ප්‍රාණීන් වෙලා ඉපදිලා ඔව්න් සොබාව දර්මය නොගිය තරම් දුර ගියා. සමහර වෙලාවට මනුශ්‍යත්වය පවා ඉක්මවා ගියා.
ලෝකයේ ශේෂ්ඨයන් බිහි වුනානං හැමෝම කලේ ඒක. ඒක තමයි විප්ලවය. මේ විප්ලව කාරයන්ගෙන් ලෝකයේ ශේෂ්ඨතම විප්ලවය ජයග්‍රහනය කළේ ශාක්‍ය කුළයේ උපන් සිද්ධාර්ථ කියන විප්ලවීය තරුණය.˜
කොයි මාර්ග වලින් ගියත් ඒ හැම ශේෂ්ඨයෙක්ම උත්සහ කළේ හිරවෙලා කොටුවෙලා තියෙන ජීවිතය පුළුල් කරන්න., නිදහස් කරන්න.˜
ඉතින් කියෝ කියෝ ඉන්නැතුව ඇයි ඔයත් නිදහස් වෙන්නැත්තෙ. මේ කසිකබල් නාට්‍ය පැත්තක දාල ගිහින් ජීවිතය පුළුල් කරන් නැත්තෙ˜
ඒක තමයි ගැටළුව, හේතුව මම ශේෂ්ඨයෙක් නොවීම. මමත් හිරවෙලා. ඇලිල, බැදිල, මටත් ගැලවෙන්න බෑ, ඒත් අඩුම තරමෙ මං දන්නව මේක උගුලක් කියන එකවත්˜
විකාර., ඔයාටත් පිස්සු වැංගෝට වගේ.˜
සබ්බේ පුතුජ්ජනා උම්මත්තතිකා˜
ඔය කිව්වෙ -
- කොහෙද ඔය යන්නෙ ඔයත් ර`ගපානවද.., ඔයා කව්ද මයිකල් ඇන්ජලෝද ? ˜
නෑ˜
එහෙනං˜
මමයි සොදුරු ආඥාදායකයා ... ,නාට්‍ය නිශ්පාදක ඒවගෙම අධ්‍යක්ෂ ˜
පුහ්˜
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
වැංගෝ ඇති දැන් , ව්‍යාකූල මානසිකත්වයෙන් පල්වුනා ඇති. ඔයාගෙ දක්ෂතාවන්, වටිනාකම් මතු කරල ගන්න. යන්න, හරි තිරේ වහපු ගමන් යන්න. ජීවිතේ සැහැල්ලූවට ගන්න. ජීවිතේ සුන්දරයිලූ, අරය කිව්වෙ . ˜
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
මේ කවුද පැත්තකට වෙලා ඉදගෙන ඉන්න කට්ටිය , ආ මෙයාල - දස්කොන්, ක්‍රිෂ්නා, දුෂ්මන්ත, රාමා ,රෝමියෝ, නල කොහොමද මගේ ශේෂ්ඨ පෙම්වත්තු˜
විකාර කතා කරන්න එපා අධ්‍යක්ෂ තුමා. ඔයා හරිම අසාධාරණයි. බලන්න පිටපතේ අපිට වෙන්කරල තියෙන ඉඩ මදි. හරියට නෑ වගේ.˜
කෑ ගහන්න එපා ඉවසන් ඉන්න˜
කොච්චර ඉවසන්නද, මේකෙ ඇති වටිනා කමක් නෑ., අපෙන් වටිනා කමක් එකතු කරගන්න ඔයා දන්නෙත් නෑ˜
දස්කොන් ඔයා හිතනවද ඔයා මහලොකු ශේෂ්ඨයෙක් කියල˜
නැතුව - ඒක නෑ කියන්න ඔයාට බෑ˜
අනුන්ගෙ ගෑනු එක්ක ලගින එකද ශේෂඨත්වය˜
ඔයා දන්න දෙයක්නෑ, අපේ ශේෂ්ඨ ප්‍රේමය පාච්චල් කරන්න ඔයාට අයිතියක් නෑ˜
ඒක තමයි අසික්කිත කම. වලත්ත කම. තමුසෙ ශ්‍රේෂ්ඨත්වයට පත්වුනේ රජ්ජුරුවො තමුසෙගෙ ඛෙල්ල කපපු හින්ද - මං එහෙම රජා උනානං කපන්නෙ තමුසෙගෙ ඛෙල්ල නෙමෙයි˜
තමුසෙ මහලොකුවට හැම මලදානෙම දන්න මහලොකු පොර වගේ කෑ ගැහුවට තමුසෙ දන්න දෙයක් නෑ. ඒකයි ඇත්ත. තමුසෙ පදනම් විරහිත දැඩි මතදාරියෙක්.˜
මාත් එක්ක තර්ක කරන්න එපා. මතක තියා ගන්න. මමයි අධ්‍යක්ෂ, නාට්ටිය මගෙ.˜
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
හරි. කට්ටිය පටන් ගන්න ලෑස්ති වෙන්න. ඉක්මනට "කපුටා සහ කේජු කෑල්ල" - කෝ මේ කපුටා˜
- මේ ඉන්නෙ ඇයි ඔයා ඔච්චර කළු˜
මම කපුටෙක් නිසා˜
හොදයි කපුටා එන්න. ගන්න මේ කේජු කෑල්ල හොටට. ගන්න ගන්න ඉක්මනට., රස බැලූවටනං කමක් නෑ එත් කන්නෙ එහෙම නෑ හරිද ?
- හරි ඔන්න පටන් ගන්න. දැන් කොහොම හරි කේජු කෑල්ල වට්ටන්න˜
මම ඔයාගෙ හැටි දැන ගත්ත˜
කොහොමද ? ˜
මට කෙනෙක් කිව්වා ˜
කව්ද ? ˜
කෙනෙක්˜
හරි මොකක්ද දැනගත්තෙ˜
ඔයා.., වැඩක් නෑ ඔයාගෙන්.. ඇයි ඔයිට වඩා ප්‍රාණවත් වෙන්න බැරි, ශක්තිමත් වෙන්න බැරි, ඔයාට ශක්තියක් නෑ - ඒකයි දැනගත්තෙ˜
ඔව්, මම ඇඩුව තමයි. ඉතින් මොකද ? ˜
අන්න හරි. අන්න කේජු කෑල්ල වැටුන. හරියට හරි. ඒක නරිය ඩැහැ ගත්ත. ඌ කොච්චර කෑදර විදියටද ඒක ගිල ගත්තෙ.-
-අනේ දෙයියනේ මගෙ කේජු කෑල්ල˜
දුක් වෙන්න එපා අධ්‍යක්ෂ තුමා, ඔබ තුමාමනෙ කිව්වෙ ඒක අතාරින්න.˜
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
කවුරු හරි එන්න., කවුද ඔය ක්ෂේස්පියර්ද ?, හෝමර්ද ?, ඕමාර් කායිම් ද ? කව්රු උනත් කමක්නෑ වෙලාවෙ හැටියට. ඉක්මනට එන්න. මේ මුස්පේත්තු කම ඇරිල යන්න කවියක් කියන්න. අළුත්ම එකක්.˜
අළුත්වනං නෑ, පරණ එකක් දෙන්නං - කාටවත් නොකියපු ˜
හොදයි කමක්නෑ කියනව˜
මගේ
හුරතල්
ඉබ්බියේ
උබේ පිටේ
ඉටිපන්දම් ගසා
පාකර හරින්නම්
හද විලේ ˜
විකාර.., නවත්තන්නත මොකද මේ ලයිට් වෙනස් වෙන්නෙ. ආලෝකට රදවගන්න. වෙනස් කරන්න එපා. -
- සේරම හරි කරගෙන යං˜
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
මනමේ කුමාරය, මොකද මේ..., කෑගහන්න එපා, ඔයා දැන් මැරිල˜
ඒත්.. ඒත්.˜
කට පියාගෙන ඉන්න, මිනිස්සු හූ කියයි.˜
ඒත් මං එයාට ආදරය කළා˜
හරි දැන් කට පියන් ඉන්න. ඔයා මැරිල එකපාරක් කිව්වනෙ˜
මට බෑ කට පියන් ඉන්න˜
ඔයාට තිබුන ඒ වෙලාවෙ සටනින් දිනන්න. දැන් වැඩක් නෑ. මේ අහන්න කුමරියට වරද පටවන්න එපා. එයත් ඒ වෙලාවෙ අසරණයි. වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ ප්‍රායෝගිකව. එයත් කෙල්ලෙක් . තේරුම් ගන්න. දැන් වැඩක් නෑ කතා කලාට ඔයා මැරිල. මැරිච්ච විදියට ඉන්න කරුණාකරල.˜
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
කෝ මියුසික් දෙන්න හොදයි තවටිකක් - හරි -
- කව්රුහරි ගහින් විහිළුවක් කරල එන්න. කුණු හරුපයක් හරි මොකක් හරි කියල එන්න.˜
මොකද බං උබ කල්පනා කරන්නෙ - අවුලක්ද, මට පේනව මොකාක් හරි අවුලකින් උබ ඉන්නෙ˜
මොකුත් නෑ බං සේරම හරි˜
හොදයි. ඒ විහිළුව හොදයි.
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
කට්ටිය නිස්සද්ද වෙන්න. සුගතපාල ද සිල්වා මතකද ? ගොඩෝ උන්නැහෙ එනකං -
- බලාගෙන ඉමු වෙන දෙයක් වෙච්චාවෙ යන කෙනෙක් ගියාවෙ අපි ඉමු ගොඩෝ උන්නැහෙ එනකං. මිනිහ ල`ග එනව ඇති බාගදා ˜
වැංගෝ - හරි , වෙන විකල්පයක් නෑ ., ඔයා වෙඩි තියාගන්න.˜
දුර ඈත බව දැන දැනත්
රෑ පුරා
බලා හිටියා සද දිහා
කැහැටු ගැහුනු කටුකන බල්ලෙක්
වරහනක් (හැමදාම කටුම කෑ බල්ලෙක්)
වරහන වහල,
ඌ බිරුවේ නෑ - පෙම් කලා,
සදට
බිරුවා
සද
ඌට ˜
කවුද ඒ කවියා. කරුණාකරල නිහඩ වෙන්න., මට කල්පනා කරන්න ඉඩ දීල˜
ඔබ දන්නවනම්
එක කදුළු බිදක්
හිත යටට වෙලා දුක් විදින තරම්˜
මාව විහිළුවකට ගන්නද හදන්නෙ, මං දැනගෙන හිටිය.., මේ නාට්ටිය විකාරයක් , ඒක සමහර විට විහිළුවක් විතරයි යාළුවො ටික වට කරගෙන කියල පාච්චල් කරල හිනාවෙන්න පුළුවන් - වෙලාවකට නිදිමත හැදෙන කරදරයක්˜
මොකද උනේ ලයිට් ගියාද ? ඇයි කළුවර උනේ . කෝ අපේ කට්ටිය. මොනා හරි ර`ග පාන්න. මොනාහරි කමක් නෑ-
- ඔක්කොම හරි, පොඩ්ඩක් ඉන්න. මම වේදිකාව කෙළවරට ගිහින් බලන්න˜
ඔව් මේක තමයි ඇත්ත-
- මම ඇඩුව තමයි,
පොඩි දේකටත් රිදෙන ඒ සංවේදී කම හැමදාම තිබුනාවෙ -
- ගල් හිත් තියෙන මහලොකු වීරයන්ට නින්දා වේවා -
- උන් මගේ නාට්ටියට අවශ්‍ය නෑ ˜
බලන්න..,
ප්‍රේක්ෂකාගාරය හිස්, හැමෝම නැගිටල ගිහින් ., කෝ අපේ කට්ටිය. ඇහුනද දැං අපි නිදහස්. සිංදුවක් කියන්න. කෝ මේ අය -
රූකාන්තට අඩගහන්න ,
එන්න.., කියන්න අරක " සෙනෙහස දෙවොළකි"
නෑ එපා.., අනික ජෝතිපාල කියාපු සිංදුව කියන්න
මුලදි බැන්ද ආදරයක˜
කරුණාකරල ලයිට් නිමන්න. මට නිදහසේ අඩන්න ඕනැ˜
-
අපේ කට්ටිය මතක තියා ගන්න
ප්‍රේක්ෂකයො හැමෝම නැගිටල ගිහින්
ඒත් නාට්ටිය තාම ඉවර නෑ ˜
______________________________
පසු කතාව නොහොත් සරළ තේරුම
කතා නායකයා හිතින් විතරක් ගෑනු ළමයෙකුට ආදරය කළා. එයා එක දවසක් ඇවිත් ඉස්සර දවසක ඔයා ඇඩුව නේද කියල පරණ කතාවක් කියල ඔහුට විහිලූ කළා. පස්සෙ එයාට ඒ කතාව කියපු කෙනත් එක්ක යාළු වුනා.
........
( එච්චරයි )
අඩු මිනිහා

උදෑසන සිට සිතේ පිරී පවතින අලස ගතියෙන් මුළුමනින්ම නොමිදීම, ආලින්දය කරා සෙමින් ඇදී ගිය රම්‍යා,මිදුල දෙසත් ඉදිරිපස පෙනෙන පාර දෙසත් යන්තමින් බලා, යලිත් හැරීගොස් සිය කාර්යාල කාමරයේ දොරපියන හැර ඇතුලත දෙස බලා සිටියාය. වෙනදා ඇය වහා කාමරයට ඇතුල් වෙයි. මේසය අස්පස් කරයි. පහන දල්වයි. අද ඒ කිසිවකට එතරම් කඩිසර කමක් නොනැගෙන්නේ මන්දැයි ඈ නොදත්තාය.
මදකට කලින් පුතා අන්දවා පාසැල් වෑන් රියට ගොඩ කරවා යවා තනිවූ පසු, "නිවස" පාළුව දනවන විශාල අවකාශයක් බවට පත්ව ඇත. රාජකාරි වැඩක් සදහා ටික කලකට විදේශ ගතවූ සැමියා, සාමාන්‍යයෙන් සතියකට දෙතුන්වතාවක් කතා කලද, අද වඩා වැඩිපුර සිය මතකයට පැමිණෙතැයි ඈ සිතුවාය. උදෙන්ම දරුවා ඇහැරවාගෙන කවා පොවා අන්දවා පාසැල් පොත් බෑග් සකසා කරේ පලන්දවන අතරද, ඇය කීපවිටක් ම ඉබේටම මෙන් එසවුනු දෑසින් දුරකතනය දෙස බැලූවාය.
කාමරයට ඇතුලූවී ජනෙල් පියන් ඇර දැමූ රම්‍යා උදෑසන එළියත්, සුළ`ගත් එතුළින් ඇතුල් කර ගත්තී, මේසය මත වූ තම පොත් ටික පිළිවෙලට තබා, මුල්ලට වන්නට තැබූ බෝඩ් ලෑල්ල ගෙනවිත් ඉදිරිපස කණුවේ හේත්තු කළාය.
" ඉසිවර ජ්‍යොතිෂ්‍යය කාර්යාලය
හ`දහන් බැලීම, පොරොන්දම් ගැළපීම,
නම් තැබීම, නිවාස වර්ග කිරීම හා වාස්තු විද්‍යා උපදෙස්
ඇතුළු සියළුම ජ්‍යොතිෂය කටයුතු සදහා. "
මේ සතිය තුලත් සැලකිය යුතු පිරිසක් නොපැමිණි වග සිහි කළ රම්‍යා අදත් ඒ ගැන එතරම් නොසිතුවාය. සෙමින් අතුගා කාමරය පිරිසිදු කොට පුටුවේ හිද ගත් ඈ පොතක් ගෙන මුල සිට අගටත් අග සිට මුලටත් පිටු පෙරලෙන්නට හැරියාය. ඉන් නැගෙන සිහින් සුලං හඩට සිත යොමුකරමින් පාර දෙස බලා සිටියාය.
ඈත සිට තම නිවස දෙසට ඇදෙන කාන්තා රුවක් දැකගත් රම්‍යා ඇය අසල ගමක තමා මදක් දන්නා හදුනන යුවතියක වග හදුනා ගත්තාය.
—රම්‍යා ඔයාට මතකයි නේද මාව..˜
පැමිණ කාමරයට ඇතුළු වූ ඇය, හිදගන්නා ලෙස අතින් සන් කල රම්‍යාගෙන් හිදගන්නට කළින් විමසුවාය.
— මොකෝ මතක නැතුව,.කෙල්ලෙ .. හොදට මතකයි.˜
— ඔයාට මතකද ඔයා මගෙ හ`දහන බලල කියපු දේ˜
— ආහ්.. ඒකනං මට මතක නැහැ.. .. ඉතින්..˜
— .. ˜
සිනාසෙන ගමන් ඈ කතා කළාය.
— ඔයා කිව්වා .. මං කසාද බදින්නෙ අඩුපාඩුවක් තියෙන මිනිහෙක් කියලා.˜
—..˜
—ඉන්න, ඉන්න .. මට මතකයි.. හරි දැන් හොදට මතකයි. ..ඉතින්..˜
නැවතත් සිනාසුනු ඇය අතෙහි වූ කාන්තා බෑගය හැර එයින් රුපියල් සියයේ නෝට්ටු දෙකකුත් සිය හදහනත් ඉවතට ගෙන මේසය මත තබා සෙමින් රම්‍යා දෙසට තල්ලූ කලාය.
—ඒ වෙනකොටත් මම බදින වයස පහු කරන රිස්ක් එකේ හිටියෙ..˜
—හ්ම් ඒක මාත් දැක්ක˜
—මිනිස්සු කොච්චරනං ආවද.. මට කවුරුවත් ඇල්ලූවෙ නෑ ..අඩුපාඩුමයි දැක්කෙ.. කිසි අඩුපාඩුවක් නැති මිනිහෙක් තමයි මං හොය හොයා හිටියෙ. ˜
— මං ඒකත් දැක්ක..හඃ ˜
—මායි අම්මයි හ`දහන උස්සගෙන මෙහෙ ආවම ඔයා කියපුවයින් පස්සෙ මං හිතපු විදිය සේරම වෙනස් වුනා..˜
—...˜
— ඊට පස්සෙ ආපු පළවෙනි මනුස්සයටම මං කැමති වුනා .. බොරුවට නෙමෙයි .. ඇත්තටම මට හිතට ඇල්ලූව..මට බදින්න වෙන්නෙ අඩුවක් තියෙන මිනිහෙක්මනං මං බැලූවෙ.. මොකක්ද මේ මිනිහගෙ තියෙන අඩුව කියල..
.. බුලත් හෙප්පුව ගන්නකොට එක වැලමිටක් පෝඩ්ඩක් විතර එළියට බරකරළ තමයි ඇල්ලූවෙ. .. ඒක මොකක්ද.. පස්සෙ මට කිසි අඩුවක් පෙනුනෙ නෑ.. හැබැයි යනකොට මං හොදට බැලූව එක අතක් පොඩ්ඩක් පැත්තට වෙන්න තමයි තිබුනෙ .. කමක් නෑ.. හොදට විමසිල්ලෙන් බැලූවෙ නැත්තන් ඒක ඒහැටි පෙනුමක් නෑ.. ඔයිටත් වැඩිය ලොකු අඩුවක් තියෙන එක්කෙනෙක් හම්බුනානං එහෙම..! .
— පස්සෙ අපි කසාද බැන්ද.. එයා හරිම හොද කෙනෙක් .. මට හොදට සලකනව.. ඇත්තට ම කියන්න තරම් විශේෂ හොදක් වත් නරකක්වත් එයාට නෑ.. අතිශය සාමාන්‍ය මිනිහෙක්.. අරුම පුදුම වැඩේ ඒක නෙමෙයි රම්‍යා..
.. එයාගෙ අතේ වෙනස ඇති වෙලා තියෙන්නෙ කාලෙකට ඉස්සෙල්ල වැටිල අතකැඩිල තියනව.. ඊට එහා හොදකරන්න බෑ කියල හිතාගෙන හිටියට, පස්සෙ කාලෙක කව්ද යාළුවෙක් එයාව කොහෙද සිංහල වෙදමහත්තයෙක් ගාවට එක්කං ගිහින් .. පස්සෙ අත හොදටම හොදවුනා.. ඔයාට කියන්න සාමාන්‍ය තත්වෙටම ආව.. මං කල්පනාකළේ ඒක කොහොමද වෙන්නෙ කියල.. දැන් මේ මනුස්සයට මං එදා දැකපු අඩුපාඩුව නෑ .. එහෙනං මොකක්ද ඇත්තටම තියෙන අඩුපාඩුව.. මට නොපෙනෙන වෙන මොකක් හරි ලොකු අඩුපාඩුවක් තිබුනවත්ද...
.. ළමයි හම්බුනා ඊට පස්සෙ උන්ගෙ වැඩ .. මට ඕව හිතන්න වෙලාවක් නෑ.. ඒත් විඩෙන් විඩේ හිතට මහ කරදරයක් .. අභිරහස් චරිත තියෙන මිනිස්සු ගැන, ගෑනිට හොරෙන් රහස් ජීවිත ගතකරන මිනිස්සු ගැන කියවන්ඩ අහන්ඩ ලැඛෙන කොට මටත් මහ බයක් දැනුන.. සමහරවිට ශරීරයෙ නැතත් චරිතෙ අඩුවක් නං.. දැන් මේව හිතල වැඩක් නෑ ...කොච්චර කල් ගියාද .. පරක්කු වැඩී .. ලදදෙයින් සතුටු වීම.. මනස්ගාත වලින් වැඩක් නෑ .. ඕව හිතන්න ඇයි මට වෙන ප්‍රශ්න නැතුවටද... ඒත් මොනව හිතල හිත හදාගන්න බැලූවත් ආයෙ ආයෙත් මට මතක් වෙන්නෙම ඒකමයි.. මොකක්ද මං නොදැක්ක අඩුව.. බැරිම තැනයි මං ආවෙ රම්‍ය ..
—නෑ නෑ ඔයා ආපු එක හොදයි.. අපි බලමු..˜
—අපි කියන දේවල් ඒවිදියටම වෙනවයි කියළ මං කියන්නෙ නෑ නංගි. ඒව ඉගි විතරයි. ඇත්තටම ඒව වෙනස් වෙන්න පුළුවන් .. අනික ඇත්තම කතාව මං ඔයාට අද කියන්නං .. එදා මම ඔයාගෙ හ`දහනේ දැක්කෙ ඔයාට කසාද බදින්න හරිම අමාරුයි කියල. ඒවගෙම ඔයාගෙ හිත ටිකක් මුරන්ඩු ගතියක් තියෙන හැම දෙයක් ගැනම බලන කෙනෙක්. සමහර විට අඩු පාඩුවක් තියෙන කෙනෙක් ලැඛෙයි. සමහරවිට නොබැදම ඉදී.. කියල මට හිතුන.. දිගින් දිගටම තියෙන ඔයාගෙ මුරන්ඩුකම නැතිවෙන්නත් එක්කයි. මම කිව්වෙ අඩුවක් තියෙන කෙනෙක්මයි ලැඛෙන්නෙ කියල .. එතකොටවත් ඔයා බුරුලක් දෙන්නෙ නැතැයි... ˜
යුවතිය නෙත් හයා බලා හුන්නාය.
—ඇත්තටම අඩුපාඩුවක් නැතිකෙනෙක් ලබන්න ඔයාට පුලූවන්.. මන් හිතන්නෙ ඔයාට ලැබිල තියෙන්නෙත් එහෙම කෙනෙක් තමයි.˜
— ..˜
— මං හ`දහන් බලල කියන්නෙ බොරුයි කියල දොස් කියන්න එපා නංගි.. ඔයාගෙ මුරන්ඩු කමට කවදාවත් බදින්න ලැඛෙන එකක් නෑයි කියල මට හිතුන හින්දයි මං එහෙම කිව්වෙ..˜
දෙදෙනාම නිහඩව ඔවුනොවුන් දෙස බලා හුන්හ.යුවතියගේ මුහුනේ විශ්මය දනවන ඇස් දෙකකුත්, රම්‍යාගේ මුහුනේ වරදකාරී හැ`ගීමකින් පීඩා විදින ස්වරූපයේ මුවකුත් ඇදී තිබිනි.
— මං ඔයාට කතන්දරයක් කියන්නද.. ˜ රම්‍යා නිහඩතාව බිදින්නී, අතීතය සාදාරණීකරණය කිරීමේ නොතිත් උවමනාවෙන් පෙළුනාය.
—..˜
— එක වයසක මනුස්සයෙකුගෙන් තරුණයෙක් ඇහුවලූ " ඇයි සීයෙ ඔයා කසාදයක් නොබැන්දෙ කියල..., එත කොට ඒ මනුස්සය බොහොම දුකෙන් උත්තර දුන්නලූ , " පුතේ මං මගෙ ජීවිත කාලෙ පුරාම අංගසම්පූර්ණ ගැහැනියක් හොය හොයා හිටිය කියල..˜
— ..˜
— ඉතින් අර තරුණය හිනාවෙලා කියනවලූ " ඒකනෙ සීයෙ .. මේ ලෝකෙ අංග සම්පූර්ණ ගෑනු නෑ 'යි කියන්නෙ.. මටත් බැලූවොත් මොකක් හරි ඇදයක් පේනවමනෙ.. ඒ කතාව හරි ඇත්තක් නේද" කියල. ඒ ගමන අර වයසක මනුස්සය කොල්ලගෙ මූන දිහා බලල කියනවලූ " නෑ මට හම්බවුනා.. මට එකම එක පාරක් එහෙම කෙනෙක් හම්බවුනා.." කියල.
.. තරුණය පුදුමෙන් ඇහුවලූ " අනේ ඇයි.. ඇයි සීයෙ ඔයා එයාව බැන්දෙ නැත්තෙ " කියල.
— ..˜
— වයසක මනුස්සය කිව්වලූ ," එයා හිටියෙ .. අංගසම්පූර්ණ මිනිහෙක් හොය හොයා " කියල.
— ..˜
— ඔයාට තේරෙනවද නංගි.. ඔයාට තේරෙනවද ඒකෙ තියෙන යටිපෙළ ව්‍යංගය.˜
—හම්˜
—අපේ අඩුපාඩු අපිට පේන්නෑ නංගි, ඒව පේන්නෙ අනිත් අයටයි..අපි අනිත් අයගෙ සම්පූර්ණත්වය බලාපොරොත්තු වෙන්නෙ කොහොමද අපිත් සම්පූර්ණ නැතුව.. මං නං හිතන්නෙ .. අපි කවුරුවත්, මං කියන්නෙ පෘතක්ජනයො.. හැමෝම.. ඒ විතරක් නෙමෙයි .. මේ ජීවී අජීවී හැම දෙයක්ම අඩුපාඩු සහිතයි.. බලන්න දැන් ඔයා හිතනවද මම අංගසම්පූර්ණ ජෝතිෂ්‍ය කාරියක් කියල.. නෑ.. නෑ ඒ විතරක් නෙමෙයි මේ මේසෙ, පුටුව ඔයාට කියන්න පුළුවන්ද මේකතමයි ඉස්තරම්ම කිසිම අඩුපාඩුවක් නැති පුටුව කියල.. බෑ නංගි ,කිව්වත්.. වෙන කෙනෙක් හරි ඒකෙ අඩුපාඩුවක් දකී.. වැදගත් වෙන්නෙ ඒක නෙමෙයි. අපේ අවශ්‍යතාවයට ඒක ප්‍රමාණවත්ද කියන එකයි.. ඉංග්‍රීසියෙන් කියන්නෙ "ගුඩ් ඉනෆ් " කියල. ..˜
මේසය දෙසට නැමී රම්‍යාට කන්දී සිටි යුවතිය එක්වරම මේසයේ වූ තම හ`දහනත් මුදලූත් දෑතින් වසා ගත්තාය. ඉන් පසුව මුදල් ඉතිරි වෙන්නට හැර හ`දහන තමා වෙත ඇදගත්තාය. රම්‍යා ප්‍රශ්නාර්තයෙන් බැලූවාය.
— මට තිබුන හිසරදෙත් ඕක තමයි රම්‍යා.. දැන් හරි.. ආයෙත් මේක බලන්න දෙයක් නෑ..˜
රම්‍යා සිනාසුනාය. මේසය මත වූ මුදල් දැතින් වසාගත් ඈ ඒවාද යුවතිය දෙසට තල්ලූ කළාය. එහෙත් යුවතිය වහා ඈ නැවතුවාය.
—එපා රම්‍යා ඒක තියාගන්න.. ප්ලීස්..˜
— ..˜
— ඔයා හරි .. අපේ අඩුපාඩු පේන්නෙ අනුන්ට. හැබැයි.. රම්‍ය මගෙ මනුස්සය නම් කවදාවත් මගෙ අඩු පාඩු දැක්කෙනෑ.. ඒකත් කොච්චර දෙයක්ද...˜
— හම්˜
— ඔව් රම්‍ය හරි ඔයාගෙ අනාවැකිය හරි..˜
ඇය මහත් සොම්නසින් හිනැහුනාය.
—මට දැනුයි ඒක අදුනගන්න පුළුවන් වුනේ .. අඩුව.. සාමාන්‍ය නිරෝගී වැඩිහිටි පිරිමියෙකුට වගේ එයාට තමන්ගෙ ගෑනිගෙ අඩුපාඩු පේන්නෙ නෑ..˜
ඒ සොම්නසින්ම ඈ යන්නට නැගී සිටියාය. රම්‍යාද නැගිට ඈ පසුපස ගියාය. කාමරයේ දොර පසුකළ යුවතිය නැවතී යලිත් රම්‍යා දෙස බැලූවාය.
—එදා හදහන් බලන්ඩ ආපු දවසෙ මං ඔයාට "තැන්ක්යූ" කියල කිව්වද ?˜
— හඃ මොන තැන්ක්යූ..ද ඔයා තරහෙන් වගේ බිම බලාගෙන යන්න ගියෙ˜
ඇය වහා රම්‍යා දෙසට ලං වූවාය. ඇගේ දෑත ගෙන තම දෑතින්ම අල්ලා ගත්තාය. මිරිකුවාය.
එහෙනං මං දැන් කියන්නං ..˜
ඇගේ නොවැටෙන කදුළු කැට දෑසේ පිරී දිලිසෙයි.
තැන්ක්යූ රම්‍යා, තැන්ක්යූ සෝ මච්˜
ඇය සෙමෙන් පිටවී ගියාය.
රම්‍යා පිටවී යන යුවතිය දෙස නෙත් නෙසලා බලා හුන්නාය. වහා පැන කාමරය හොදින් අස්පස් කරන්නට බෝඩ් ලෑල්ල පිසදමන්නට හොදින් පෙනෙන සේ තබන්නට නොයිවසිල්ලක් ඈගේ සිත තුළ නැගෙයි. ඇගේ දෑස දිගටම ඈතින් නොපෙනී යන නැගෙනිය දෙසම බලා සිටී.
ඈ , ගේ තුලින් ඇසෙන දුරකතන නාදය නැගී, සෑහෙන වේලාවක් පැවතී නිහඩවී යන තෙක්ම සොම්නසින් පිරුණු දෑසින් පාර දෙසම බලා සිටියාය.
"අංකල් දොළහෙ යතුර දෙන්ඩ .. කෝ කෝ ... ඉක්මන්ට.. අයියෝ තව ඔතන ඕක හෝදල ඉවර නැද්ද .. අංකල් හරි ස්ලෝනෙ .."
අංකල් ඔළුව නමාගෙන වැඩ . අජියගෙ හැටි ඔහොමමයි. මොක කොලත් දොසක්. උගෙ යතුරක් නැති වුනත් "අයියෝ අංකල්" . විනාඩියක් පරක්කු වුනත් "අයියෝ අංකල්" ඔයිල් බෝතලේ හිස්නං "අයියෝ අංකල්" . යංතං මලකඩ ටිකක් තිබුනත් "අයියෝ අංකල්" . උගෙ කකුල හැප්පුනත් "අයියෝ අංකල්. මොකද මේ ම`ගුල පාරේ තියල."
මොක කිවුවත් අංකල්ට එකයි. මලකඩ කාපු වාහන කෑලි. දැති රෝද. ඇණ මුරිච්චි. ඔයිල් යතුරු. අංකල් .. කොයිකත් එකයි. අංකලූත් ඔහෙ තියෙන දෙයක් වෙලා. හැමදාම එකයි. ග්‍රීස් , ඔයිල්, පෙට්ට්‍රල්, වතුර, සබන් .. අතගගා හිටියට විසේස මොකුත් නෑ.
ඒත් එදා වෙනස්. කසුන පිටගං කාරය. වැඩට ඇවිත් මාසයයි. ඌ අජියට කතා කළා.
"අජිත් අයිය. මේ නෝන කාගැනද අහනව."
අජිය එලිය ආව. කස කසා. නෝන හිනා වුනා.
"මං මේ පත්තරෙන් ... පොඩි තොරතුරු වගයක් හොයනව."
අජියත් හිනා වුනා. ඔලූව වැනුව. පුටුවක් පෙන්නුව.
"මේ හරියෙ ආනන්ද කියල එක්කෙනෙක් . එකපාරක් ලොතරැයි දිනුමක් ඇදුනෙ."
"ආ ඔය එහාපැත්තෙ පාරෙ ගියානං දෙවනි ගේ .. දැන්නං හතේ හත වැදිල ඉන්නෙ."
"නෑ නෑ .. මට ... එයා හම්ඛෙලා කතාකරන්න අමාරුවෙයි කියල හිතුවෙ ... මුලින්ම අහල පහලින් හෝදිසි කරල බලන්න බැලූවෙ.. ඒ කියන්නෙ මං .. ලිපි පෙළක් ලියනව හො`දට ඉදල එහෙම නැත්තන් ඉහළ තැනක් .. වාසියක් ලැබිල පස්සෙ පිරිහිලාගිය මිනිස්සු ගැන. නං ගං මොකුත් ලියන්නෙ නෑ. කතාව විතරයි. ඒත් සමහරු ඒකටත් කැමති නෑනෙ .. ඒකයි පිටින් හොයා ගන්න හැදුවෙ..."
අංකල් මේ සේරම බලාගෙන. අහගෙන. ඇංජිමක් හෝද හෝද ළගම බිම ඉදගෙන. අජියත් රහ කරකර විස්තරේ කිවුව. ආනන්ද දිනපු දවස්වල හැටි. පාටි දාපුව. ඌත් ඒවට ගියහැටි. සල්ලි නාස්ති කරපු හැටි .. සේරම.. අංකල් බලාන හිටිය. බර කල්්පනාවක. ඇන්ජිම එකම තැන හේදුනා. හිමින්.
නෝන සෑහෙන විස්තරයක් ලියාගත්ත.
"එහෙනං.. දැනට එ ඇති මං ඕන වුනොත් ආයෙ එන්නං... බොහොම ස්තුතී.."
අංකල්ගෙ කල්පනාව පියවි ලෝකෙට ආව. අත් පිහදාගත්ත. නෝන යන්න නැගිට්ට . අජියත් ඇතුලට ගියා . නෝන පාරට යන්න එළියට බැස්ස.
"නෝන .."
නෝන නැවතිලා පස්ස බැලූව. ඇජිමක් හෝද හෝද හිටපු වයසක අංකල් පස්සෙන් ඇවිත්.
"ඇයි අංකල්.."
"නෑ එක්කො ඕනෙ නෑ.. "
අංකල් බිම බලාගත්ත. ආපහු හැරුන ..
"ඉන්න ඉන්න .. අංකල්, අනේ ඕන දෙයක් කියන්න. මොකක්ද.."
"ඒත් නෝන.. මේව ප්‍රසිද්ධ වෙලත් බෑ.."
"මොකක්ද .. කියන්්නකෝ.. බය වෙන්න එපා... "
"නෝන අර විස්තරේ හොයනකොට .. මට මතක් වුනේ අපේ කොල්ල .. ඌත් ඉහළටම ඇවිත් පහළටම වැටිච්ච එකෙක්... ජීවත් වෙන්නවත් විදියක් නැති තැන තමයි. මං මෙතන රස්සාවට ආවෙ. .. මං හැම වෙලාවෙම කල්පනා කරන්නෙ ඌව මේ වලෙන් ගොඩ ගන්නෙ කොහොමද කියල... ඒත් .. පත්තරේට ලියල හරියන්නෙ නෑ... මට ඒක දැනුයි කල්පනා වුනේ.. ඒකෙන් වැඩේ තවත් අවුල් වෙයි. "
"මොකක්ද කියන්නකො කතාව .. කවුද පුතා.. මොකක්ද එයාට වුනේ.."
"එයා එක පාරක් සුපස්ටා කෙනෙක් වුනා ..."
"මොකක් ... මොකක්ද නම...'
"නිශාන් අවන්ත "
නෝන පුදුම උනා.
"අංකල් කොහෙද ඉන්නෙ... මං එනව අංකල්ලෑ ගෙදර .. යං .. "
අංකල් පුදුම උනා..
අංකල් අජියගෙන් අහල වේලාසන ගැරෙජ් එකෙන් පිටවුනා.. නෝනත් එක්ක ගෙදර ගියා.
යනකොටත් සුපස්ටාර් කොල්ල හො`දටම බීල සිමෙන්තිය උඩම බුදි. නෝන දුකෙන් බලාගෙන හිටිය.. අංකල් එක්ක කතා කරකර හිටිය.
" අපි බලමු අංකල් මේකෙන් ගොඩ ගන්න මගක් ... මං ආයෙ එනව .. ළ`ගදිම.."
නෝන යන්න නැගිට්ට ..
"ඇත්තටම මට හරි පුදුමයි. නෝන මං කියපු හැටියම මෙහෙ ආව. තරුණ ගෑනු ළමයෙක් කියපු හැටියෙ නොදන්න තැනකට ..."
නෝන හිනා වුනා ... අඩි දෙකතුනක් ගියා.. නැවතුනා .. ටිකක් කල්පනා කලා.. ආපහු ආව.
"මං කියන්නං අංකල්.. "
එයා අංකල්ගෙ ඇස් දෙක දිහාම බලාන හිටිය.
"මාත් ඔය තරගෙට ගියා ..."
"ඈ ? ... ඔයත් ගියා.. මට මතකයක් නෑනෙ.. මාත් ඔය හැමදාම වගේ කොල්ලත් එක්ක ගියා .. "
" නෑ අංකල් මං මුල් හරියෙම අයින් වුනා."
නෝන තව ටිකක් ළංවුනා ..
"මං කියන්නංකෝ සේරම ... දවස් ගානක් අපි හම්බුනා.. මෙයා ඒ දවස්වල ගොඩක් මං ගැන උනන්දුයි .. පස්සෙ දවසක මෙයා මගෙන් ඇහුව කැමතිද කියල ... මං බෑ කිවුවා... ආයෙ කීප දවසක් ඇහුව.. "
අංකල්ගෙ මූණෙ සතුටක් දුකක් යන්තම් මැවුන .. මැකුන .. ප්‍රශ්නාර්ථයක් මැවුන...
"මං ගොඩක් කල්පනා කලා... පස්සෙ දවසක .. මං කැමැත්ත දෙන්න හිතාගත්ත .. එහෙම හිතාගෙන ගියා... එදා ම මං තරගෙන් අයින් වුනා... මං හිටියෙ දුකෙන් ... මං හිතුව එයා මාව සනසයි කියල .. මං එයා හොයා ගෙන ගියාට එදා එයා වැඩිය මාව ගනන් ගත්තෙ නෑ... මං කඩාගෙන වැටුන .. කදුලූ පුරෝගන ආපහු ආව... එයා මට වඩා හොද කෙනෙක් ලැඛෙයි කියල හිතන්ඩැති."
අංකල් බිම බලා ගත්ත. නෝන අංකල්ගෙ අත යන්තං ඇල්ලූව . අංකල් වැරැද්දක් කලේ නෑනෙ කියන්න වගේ... අංකල් ආයෙ ඔලූව ඉස්සුව..
"පස්සෙ මං හිත හදාගත්ත .. එතකොටත් මං ජර්නලිස්ට් කෝස් එකක් කරකර හිටියෙ.. පස්සෙ මං මේ පත්තරේට ආව... දැන්නං ඇත්තටම මං පැරදිච්ච එක හො`දයි කියලයි හිතෙන්නෙ... "
අංකල් යන්තං හිනා වුනා...
"මං ගිහින් එන්නං ... "
නෝන අත්දෙක එකතුකරල අංකල්ට වැන්දා .
"අනේ ... දුවේ .. ." අංකල්ට කදුළු ආව
ං ං ංංංංංංංංංංංංං ං ං
විසාල ආලෝක ධාරා .. වර්ණ ... ශබ්ද .. අස්සෙ අංකල් අ`ගුටු මිට්ටෙක් වගේ .. පුතා යෝධයෙක් වගේ .. විඩෙන් විඩේ අංකල්ගෙ මූණත් ලොකු තිරේක වැටුන. ඒකෙ ලොකුවෙච්ච ඇස් ඇතුලෙ මහා බලාපොරොත්තුවක් තිබුන..
"හො`දයි සහෘදයිනි.. මේ අති දැවැන්ත වේදිකාවේ.. සිහින වේදිකාවේ.. ඔබේම ආදරණීය වේදිකාවේ. අද මේ ග්‍රෑන්ඩ් පිනාලේ .. අවසාන අවසාන අවසානම වටයෙන් ... මේ සුවිශේෂී අනගි භවනීය වේදිකාවෙන් ... අවසාන මොහොතේ බැස යන්නේ .. අෂාන් ... ඔබද ... අවන්ත . .. ඔබද ...
තව සුලූ මොහොතකින් මෙතෙක් කල් සිනින මැවූ ඔබේ සිහින ලෝකයම.. ඔබේ සිහින කිරුළ සමගින් අනෙකාට භාර දී මේ සිහින වේදිකාවෙන් බැසයන්නේ ... කවුද .. ඔබද නැත්තම් ඒ ඔබද...
ඉතින් ... මොකද හිතෙන්නෙ...
ගොඩක් සතුටුයි... මෙතනට ආ එකම ... ලොකු ජයග්‍රහනයක් ... ජය පරාජය දෙකම සතුටින් බාර ගන්නවා...
ඒ කියන්නෙ ... ඒ කියන්නෙ ඔබට විශ්වාසයක් නෑ ... ඔබ දෙගඩියාවෙන් ඉන්නෙ...
ම් ... බලාපොරොත්තුවක්... තියෙනවා.. ඒත් ... බලමු .. ..
හො`දයි .. හො`දයි.. ප්‍රිය රසික රසිකාවියනි.. මෙන්න.. මෙන්න ඔබ පුල පුලා බලාසිටි ඒ සො`දුරු මොහොත ... අද .. අද මේ .. සුපිරි වේදිකාවෙන් ස්වර්ණවර්ණ සිහින වේදිකාවෙන් සමුගෙන .. අනෙකාට ඉඩදී... ජය පරාජය සතුටින් බාරගෙන .. බැසයන්නේ ... .. ඉවත් වන්නේ ... දෙවනි තැන ලබන්නේ......
අෂාන් .. අවන්ත... අෂාන් .. අවන්ත.... නෑ .... ඔව්.. ඒ..... අෂාන් ඔබ .... නොවේ ... අවන්ත ඔබයි..
අංකල්ට කදුළු ආව..
වේදිකාව වඩාත් ආලෝකමත් වුනා. අංකල්ගෙ ලෝකෙ අ`දුරු වුනා.. දවසින් දවස ඒ අන්ධකාරෙ වැඩි වෙලා වැඩි වෙලා... අන්තිමට හැම දේම නැතිකරල බීල බීල නිදාගන්න පුතා ඉන්න ගේ කෑල්ලටයි ගරාජ් එකටයි ඒ ලෝකෙ සීමා වුනා.
ං ං ංංංංංංංංංංංංං ං ං
මීරිගම ප්‍රදේශයෙන් තර`ගයට පිවිසි රංගිකා කුමාරි ආයෙත් දවසක අංකල් හම්ඛෙන්න ආව. උදේම. යෞවන සවන් පත් මෝහනය කළ ප්‍රේමණිය හඩින් ඔබේ මනාපය පතන සිහින කුමරා සිහියක් පතක් ඇතුව ඉන්න වෙලාවක් බලල.
අවන්ත ඇස් ලොකුකරල බැලූව..
"රංජි ...? "
"ඔය ඉතින් .... හැමදාම කියනව රංජි නෙමේ අනේ රංගී ..රංගී .."
අවන්ත හිනාවුුනා.. එත් එක්කම වටපිට බල බල .. ඇස් මග ඇර ඇර .. කතා කලා . විලි ලැජ්ජාව වහගන්න එක එක දේවල් අතපත ගගා.
රංගි ගොඩක් වෙලා කතා කරකර හිටිය... අවන්තගෙ හිත හැදුව... හරියට එයා පරාද වෙච්ච දවසෙ .. අවන්ත එයාගෙ හිත හදයි කියල හිතාගෙන හිටපු විදියටම...
"දුවේ මං ගරාජ් එකට යන්නෝනැ... "
අංකල් බොත්තං දාන ගමන් කිවුව..
' ටිකක් ඉන්න අංකල් . මාත් දැන් එනවා... අංකල් .... .. අංකල් අපි සිංදුවක් කියමු .. ? "
"ම් ? " අංකල්ව හිරි වැටිල ගියා...
" තාත්තත් හො`ද ගායකයෙක් තමයි .. ඒ කාලේ.. "
කොල්ලගෙ හිතේ ගොඩ කාලෙකට පස්සෙ තාත්ත ගැන එක හිතිවිල්ලක් හරි ඇතිවෙලා ..
අවන්ත ඇ`ද යට මකුලූවො ගගහ හිටපු ඩෝලෙ ඇදල අරන් තාත්තගෙ අතට ගෙනත් දුන්න..
අංකල්ට ආයෙත් කදුළු ආව...
ං ං ංංංංංංංංංංංංං ං ං
රංගිකා කුමාරි ලියන 'සිහසුනෙන් ඇද වැටුන මිනිස්සු' .. ලිපි මාලාව .. නැගල ගියා.. ඊට කලින් එයාම ලියපු.. 'එකෙන් පටන්ගෙන දිනූ මිනිස්සු' ලිපි පෙළ වගේමයි .. ඒ ලිපි ලියද්දි දැන අදුන ගත්ත මිනිස්සු අතරෙ ලොකු හෝටලයක් කරන ජයතිස්ස මහත්තය .. ආයෙත් හෝටලේට ආපු රංගිකා සාදරයෙන් පිළිගත්ත. තමන් ගැන පත්තරේට ලියපු ළමයට උදව් නොකර කොහොමද.. රංගිකා එදා ආවෙ තවත් කෙනෙක් එක්ක..
ආ... මේ .. අර අවන්ත නේද... අපිත් ඒ කාලෙ ඔයාට එස් එම් එස් දැම්මනෙ...
ජයතිස්ස මහත්තය අදුනගත්ත.
අවන්ත හෝටලේ කැලිප්සෝ බෑන්ඩ් එකේ සිංදු කියන්න ගත්ත.
අපි හිමින් සැරේ යමු අවන්ත..
රංගි ආපහු එනගමන් එහෙම කිවුව..
ඇයි ඔයාට මහන්සිද...
නෑ මෝඩයො .. මේ ජීවන ගමන..
ං ං ංංංංංංංංංංංංං ං ං
පස්සෙ දවසක සීඩී එකක් කරමු කියලත් ජයතිස්ස මහත්තය යෙ ජනා කරල තිබුන... පුතා හෝටලේ සිංදු කියනව බලන්න දවසක් අංකලූත් ආව...
අත්දෙක අස්සෙ තුරුල්වුන ගිටාර්එක .. ආයෙත් කොල්ලගෙ ජවය අරන් ඇවිත්... උගෙ ලේ රත්වෙලා... ඕකගෙ ඇග පුරාම තියෙන්නෙ සංගීතෙ ..
අංකල්ට ආයෙත් කදුළු ආව..
"අයියෝ අංකල් "
ගැරෙජ් එකේ අජිය බීම එකකුත් අරන් ඇවිත් අංකල් ගාවින් ඉදගත්ත.
ං ං ංංංංංංංංංංංංං ං ං