
"අංකල් දොළහෙ යතුර දෙන්ඩ .. කෝ කෝ ... ඉක්මන්ට.. අයියෝ තව ඔතන ඕක හෝදල ඉවර නැද්ද .. අංකල් හරි ස්ලෝනෙ .."
අංකල් ඔළුව නමාගෙන වැඩ . අජියගෙ හැටි ඔහොමමයි. මොක කොලත් දොසක්. උගෙ යතුරක් නැති වුනත් "අයියෝ අංකල්" . විනාඩියක් පරක්කු වුනත් "අයියෝ අංකල්" ඔයිල් බෝතලේ හිස්නං "අයියෝ අංකල්" . යංතං මලකඩ ටිකක් තිබුනත් "අයියෝ අංකල්" . උගෙ කකුල හැප්පුනත් "අයියෝ අංකල්. මොකද මේ ම`ගුල පාරේ තියල."
මොක කිවුවත් අංකල්ට එකයි. මලකඩ කාපු වාහන කෑලි. දැති රෝද. ඇණ මුරිච්චි. ඔයිල් යතුරු. අංකල් .. කොයිකත් එකයි. අංකලූත් ඔහෙ තියෙන දෙයක් වෙලා. හැමදාම එකයි. ග්‍රීස් , ඔයිල්, පෙට්ට්‍රල්, වතුර, සබන් .. අතගගා හිටියට විසේස මොකුත් නෑ.
ඒත් එදා වෙනස්. කසුන පිටගං කාරය. වැඩට ඇවිත් මාසයයි. ඌ අජියට කතා කළා.
"අජිත් අයිය. මේ නෝන කාගැනද අහනව."
අජිය එලිය ආව. කස කසා. නෝන හිනා වුනා.
"මං මේ පත්තරෙන් ... පොඩි තොරතුරු වගයක් හොයනව."
අජියත් හිනා වුනා. ඔලූව වැනුව. පුටුවක් පෙන්නුව.
"මේ හරියෙ ආනන්ද කියල එක්කෙනෙක් . එකපාරක් ලොතරැයි දිනුමක් ඇදුනෙ."
"ආ ඔය එහාපැත්තෙ පාරෙ ගියානං දෙවනි ගේ .. දැන්නං හතේ හත වැදිල ඉන්නෙ."
"නෑ නෑ .. මට ... එයා හම්ඛෙලා කතාකරන්න අමාරුවෙයි කියල හිතුවෙ ... මුලින්ම අහල පහලින් හෝදිසි කරල බලන්න බැලූවෙ.. ඒ කියන්නෙ මං .. ලිපි පෙළක් ලියනව හො`දට ඉදල එහෙම නැත්තන් ඉහළ තැනක් .. වාසියක් ලැබිල පස්සෙ පිරිහිලාගිය මිනිස්සු ගැන. නං ගං මොකුත් ලියන්නෙ නෑ. කතාව විතරයි. ඒත් සමහරු ඒකටත් කැමති නෑනෙ .. ඒකයි පිටින් හොයා ගන්න හැදුවෙ..."
අංකල් මේ සේරම බලාගෙන. අහගෙන. ඇංජිමක් හෝද හෝද ළගම බිම ඉදගෙන. අජියත් රහ කරකර විස්තරේ කිවුව. ආනන්ද දිනපු දවස්වල හැටි. පාටි දාපුව. ඌත් ඒවට ගියහැටි. සල්ලි නාස්ති කරපු හැටි .. සේරම.. අංකල් බලාන හිටිය. බර කල්්පනාවක. ඇන්ජිම එකම තැන හේදුනා. හිමින්.
නෝන සෑහෙන විස්තරයක් ලියාගත්ත.
"එහෙනං.. දැනට එ ඇති මං ඕන වුනොත් ආයෙ එන්නං... බොහොම ස්තුතී.."
අංකල්ගෙ කල්පනාව පියවි ලෝකෙට ආව. අත් පිහදාගත්ත. නෝන යන්න නැගිට්ට . අජියත් ඇතුලට ගියා . නෝන පාරට යන්න එළියට බැස්ස.
"නෝන .."
නෝන නැවතිලා පස්ස බැලූව. ඇජිමක් හෝද හෝද හිටපු වයසක අංකල් පස්සෙන් ඇවිත්.
"ඇයි අංකල්.."
"නෑ එක්කො ඕනෙ නෑ.. "
අංකල් බිම බලාගත්ත. ආපහු හැරුන ..
"ඉන්න ඉන්න .. අංකල්, අනේ ඕන දෙයක් කියන්න. මොකක්ද.."
"ඒත් නෝන.. මේව ප්‍රසිද්ධ වෙලත් බෑ.."
"මොකක්ද .. කියන්්නකෝ.. බය වෙන්න එපා... "
"නෝන අර විස්තරේ හොයනකොට .. මට මතක් වුනේ අපේ කොල්ල .. ඌත් ඉහළටම ඇවිත් පහළටම වැටිච්ච එකෙක්... ජීවත් වෙන්නවත් විදියක් නැති තැන තමයි. මං මෙතන රස්සාවට ආවෙ. .. මං හැම වෙලාවෙම කල්පනා කරන්නෙ ඌව මේ වලෙන් ගොඩ ගන්නෙ කොහොමද කියල... ඒත් .. පත්තරේට ලියල හරියන්නෙ නෑ... මට ඒක දැනුයි කල්පනා වුනේ.. ඒකෙන් වැඩේ තවත් අවුල් වෙයි. "
"මොකක්ද කියන්නකො කතාව .. කවුද පුතා.. මොකක්ද එයාට වුනේ.."
"එයා එක පාරක් සුපස්ටා කෙනෙක් වුනා ..."
"මොකක් ... මොකක්ද නම...'
"නිශාන් අවන්ත "
නෝන පුදුම උනා.
"අංකල් කොහෙද ඉන්නෙ... මං එනව අංකල්ලෑ ගෙදර .. යං .. "
අංකල් පුදුම උනා..
අංකල් අජියගෙන් අහල වේලාසන ගැරෙජ් එකෙන් පිටවුනා.. නෝනත් එක්ක ගෙදර ගියා.
යනකොටත් සුපස්ටාර් කොල්ල හො`දටම බීල සිමෙන්තිය උඩම බුදි. නෝන දුකෙන් බලාගෙන හිටිය.. අංකල් එක්ක කතා කරකර හිටිය.
" අපි බලමු අංකල් මේකෙන් ගොඩ ගන්න මගක් ... මං ආයෙ එනව .. ළ`ගදිම.."
නෝන යන්න නැගිට්ට ..
"ඇත්තටම මට හරි පුදුමයි. නෝන මං කියපු හැටියම මෙහෙ ආව. තරුණ ගෑනු ළමයෙක් කියපු හැටියෙ නොදන්න තැනකට ..."
නෝන හිනා වුනා ... අඩි දෙකතුනක් ගියා.. නැවතුනා .. ටිකක් කල්පනා කලා.. ආපහු ආව.
"මං කියන්නං අංකල්.. "
එයා අංකල්ගෙ ඇස් දෙක දිහාම බලාන හිටිය.
"මාත් ඔය තරගෙට ගියා ..."
"ඈ ? ... ඔයත් ගියා.. මට මතකයක් නෑනෙ.. මාත් ඔය හැමදාම වගේ කොල්ලත් එක්ක ගියා .. "
" නෑ අංකල් මං මුල් හරියෙම අයින් වුනා."
නෝන තව ටිකක් ළංවුනා ..
"මං කියන්නංකෝ සේරම ... දවස් ගානක් අපි හම්බුනා.. මෙයා ඒ දවස්වල ගොඩක් මං ගැන උනන්දුයි .. පස්සෙ දවසක මෙයා මගෙන් ඇහුව කැමතිද කියල ... මං බෑ කිවුවා... ආයෙ කීප දවසක් ඇහුව.. "
අංකල්ගෙ මූණෙ සතුටක් දුකක් යන්තම් මැවුන .. මැකුන .. ප්‍රශ්නාර්ථයක් මැවුන...
"මං ගොඩක් කල්පනා කලා... පස්සෙ දවසක .. මං කැමැත්ත දෙන්න හිතාගත්ත .. එහෙම හිතාගෙන ගියා... එදා ම මං තරගෙන් අයින් වුනා... මං හිටියෙ දුකෙන් ... මං හිතුව එයා මාව සනසයි කියල .. මං එයා හොයා ගෙන ගියාට එදා එයා වැඩිය මාව ගනන් ගත්තෙ නෑ... මං කඩාගෙන වැටුන .. කදුලූ පුරෝගන ආපහු ආව... එයා මට වඩා හොද කෙනෙක් ලැඛෙයි කියල හිතන්ඩැති."
අංකල් බිම බලා ගත්ත. නෝන අංකල්ගෙ අත යන්තං ඇල්ලූව . අංකල් වැරැද්දක් කලේ නෑනෙ කියන්න වගේ... අංකල් ආයෙ ඔලූව ඉස්සුව..
"පස්සෙ මං හිත හදාගත්ත .. එතකොටත් මං ජර්නලිස්ට් කෝස් එකක් කරකර හිටියෙ.. පස්සෙ මං මේ පත්තරේට ආව... දැන්නං ඇත්තටම මං පැරදිච්ච එක හො`දයි කියලයි හිතෙන්නෙ... "
අංකල් යන්තං හිනා වුනා...
"මං ගිහින් එන්නං ... "
නෝන අත්දෙක එකතුකරල අංකල්ට වැන්දා .
"අනේ ... දුවේ .. ." අංකල්ට කදුළු ආව
ං ං ංංංංංංංංංංංංං ං ං
විසාල ආලෝක ධාරා .. වර්ණ ... ශබ්ද .. අස්සෙ අංකල් අ`ගුටු මිට්ටෙක් වගේ .. පුතා යෝධයෙක් වගේ .. විඩෙන් විඩේ අංකල්ගෙ මූණත් ලොකු තිරේක වැටුන. ඒකෙ ලොකුවෙච්ච ඇස් ඇතුලෙ මහා බලාපොරොත්තුවක් තිබුන..
"හො`දයි සහෘදයිනි.. මේ අති දැවැන්ත වේදිකාවේ.. සිහින වේදිකාවේ.. ඔබේම ආදරණීය වේදිකාවේ. අද මේ ග්‍රෑන්ඩ් පිනාලේ .. අවසාන අවසාන අවසානම වටයෙන් ... මේ සුවිශේෂී අනගි භවනීය වේදිකාවෙන් ... අවසාන මොහොතේ බැස යන්නේ .. අෂාන් ... ඔබද ... අවන්ත . .. ඔබද ...
තව සුලූ මොහොතකින් මෙතෙක් කල් සිනින මැවූ ඔබේ සිහින ලෝකයම.. ඔබේ සිහින කිරුළ සමගින් අනෙකාට භාර දී මේ සිහින වේදිකාවෙන් බැසයන්නේ ... කවුද .. ඔබද නැත්තම් ඒ ඔබද...
ඉතින් ... මොකද හිතෙන්නෙ...
ගොඩක් සතුටුයි... මෙතනට ආ එකම ... ලොකු ජයග්‍රහනයක් ... ජය පරාජය දෙකම සතුටින් බාර ගන්නවා...
ඒ කියන්නෙ ... ඒ කියන්නෙ ඔබට විශ්වාසයක් නෑ ... ඔබ දෙගඩියාවෙන් ඉන්නෙ...
ම් ... බලාපොරොත්තුවක්... තියෙනවා.. ඒත් ... බලමු .. ..
හො`දයි .. හො`දයි.. ප්‍රිය රසික රසිකාවියනි.. මෙන්න.. මෙන්න ඔබ පුල පුලා බලාසිටි ඒ සො`දුරු මොහොත ... අද .. අද මේ .. සුපිරි වේදිකාවෙන් ස්වර්ණවර්ණ සිහින වේදිකාවෙන් සමුගෙන .. අනෙකාට ඉඩදී... ජය පරාජය සතුටින් බාරගෙන .. බැසයන්නේ ... .. ඉවත් වන්නේ ... දෙවනි තැන ලබන්නේ......
අෂාන් .. අවන්ත... අෂාන් .. අවන්ත.... නෑ .... ඔව්.. ඒ..... අෂාන් ඔබ .... නොවේ ... අවන්ත ඔබයි..
අංකල්ට කදුළු ආව..
වේදිකාව වඩාත් ආලෝකමත් වුනා. අංකල්ගෙ ලෝකෙ අ`දුරු වුනා.. දවසින් දවස ඒ අන්ධකාරෙ වැඩි වෙලා වැඩි වෙලා... අන්තිමට හැම දේම නැතිකරල බීල බීල නිදාගන්න පුතා ඉන්න ගේ කෑල්ලටයි ගරාජ් එකටයි ඒ ලෝකෙ සීමා වුනා.
ං ං ංංංංංංංංංංංංං ං ං
මීරිගම ප්‍රදේශයෙන් තර`ගයට පිවිසි රංගිකා කුමාරි ආයෙත් දවසක අංකල් හම්ඛෙන්න ආව. උදේම. යෞවන සවන් පත් මෝහනය කළ ප්‍රේමණිය හඩින් ඔබේ මනාපය පතන සිහින කුමරා සිහියක් පතක් ඇතුව ඉන්න වෙලාවක් බලල.
අවන්ත ඇස් ලොකුකරල බැලූව..
"රංජි ...? "
"ඔය ඉතින් .... හැමදාම කියනව රංජි නෙමේ අනේ රංගී ..රංගී .."
අවන්ත හිනාවුුනා.. එත් එක්කම වටපිට බල බල .. ඇස් මග ඇර ඇර .. කතා කලා . විලි ලැජ්ජාව වහගන්න එක එක දේවල් අතපත ගගා.
රංගි ගොඩක් වෙලා කතා කරකර හිටිය... අවන්තගෙ හිත හැදුව... හරියට එයා පරාද වෙච්ච දවසෙ .. අවන්ත එයාගෙ හිත හදයි කියල හිතාගෙන හිටපු විදියටම...
"දුවේ මං ගරාජ් එකට යන්නෝනැ... "
අංකල් බොත්තං දාන ගමන් කිවුව..
' ටිකක් ඉන්න අංකල් . මාත් දැන් එනවා... අංකල් .... .. අංකල් අපි සිංදුවක් කියමු .. ? "
"ම් ? " අංකල්ව හිරි වැටිල ගියා...
" තාත්තත් හො`ද ගායකයෙක් තමයි .. ඒ කාලේ.. "
කොල්ලගෙ හිතේ ගොඩ කාලෙකට පස්සෙ තාත්ත ගැන එක හිතිවිල්ලක් හරි ඇතිවෙලා ..
අවන්ත ඇ`ද යට මකුලූවො ගගහ හිටපු ඩෝලෙ ඇදල අරන් තාත්තගෙ අතට ගෙනත් දුන්න..
අංකල්ට ආයෙත් කදුළු ආව...
ං ං ංංංංංංංංංංංංං ං ං
රංගිකා කුමාරි ලියන 'සිහසුනෙන් ඇද වැටුන මිනිස්සු' .. ලිපි මාලාව .. නැගල ගියා.. ඊට කලින් එයාම ලියපු.. 'එකෙන් පටන්ගෙන දිනූ මිනිස්සු' ලිපි පෙළ වගේමයි .. ඒ ලිපි ලියද්දි දැන අදුන ගත්ත මිනිස්සු අතරෙ ලොකු හෝටලයක් කරන ජයතිස්ස මහත්තය .. ආයෙත් හෝටලේට ආපු රංගිකා සාදරයෙන් පිළිගත්ත. තමන් ගැන පත්තරේට ලියපු ළමයට උදව් නොකර කොහොමද.. රංගිකා එදා ආවෙ තවත් කෙනෙක් එක්ක..
ආ... මේ .. අර අවන්ත නේද... අපිත් ඒ කාලෙ ඔයාට එස් එම් එස් දැම්මනෙ...
ජයතිස්ස මහත්තය අදුනගත්ත.
අවන්ත හෝටලේ කැලිප්සෝ බෑන්ඩ් එකේ සිංදු කියන්න ගත්ත.
අපි හිමින් සැරේ යමු අවන්ත..
රංගි ආපහු එනගමන් එහෙම කිවුව..
ඇයි ඔයාට මහන්සිද...
නෑ මෝඩයො .. මේ ජීවන ගමන..
ං ං ංංංංංංංංංංංංං ං ං
පස්සෙ දවසක සීඩී එකක් කරමු කියලත් ජයතිස්ස මහත්තය යෙ ජනා කරල තිබුන... පුතා හෝටලේ සිංදු කියනව බලන්න දවසක් අංකලූත් ආව...
අත්දෙක අස්සෙ තුරුල්වුන ගිටාර්එක .. ආයෙත් කොල්ලගෙ ජවය අරන් ඇවිත්... උගෙ ලේ රත්වෙලා... ඕකගෙ ඇග පුරාම තියෙන්නෙ සංගීතෙ ..
අංකල්ට ආයෙත් කදුළු ආව..
"අයියෝ අංකල් "
ගැරෙජ් එකේ අජිය බීම එකකුත් අරන් ඇවිත් අංකල් ගාවින් ඉදගත්ත.
ං ං ංංංංංංංංංංංංං ං ං
lassanai aiya. digatama liyanna balanna asai.
ReplyDelete