3 හැකිනම්



දන්නෙමි ඔබ කුමට දැවටෙන්නීද ලගින්
පිටුපා යන්නීද සැගවී කෝල ලෙසින්
කුමකට පසුතැවෙමි කිසිවක් නොවේ වෙනින්
මා වෙහෙසවා ඉන් සතුටක් ලබනු රිසින්
කුමකට රවන්නෙද මූනට බනිනු මුවින්
ඉගි බිගි තෝරන්න වෙහෙසෙනු නොහැක ඉතින්
කදුළැල් සයුර පිහිනා තෙර පැමිණි බැවින්
හැකිනම් රිදවන්න ආයෙත් පුරැදු ලෙසින්



චමිල් හර්ෂණ එදිරිසිංහ
2007 
නොවැම්බර්


No comments:

Post a Comment

ඔඛේ අදහස