ගිගන කොල්ලා


මුතුකැට වැනි පිනි
අතුරන ඇතිරිලි
පාග පාග එන්නම්
අළුයම පෙරදිග රිවිරැස එන්නට පළමුව


කනත්ත ලග කරුවලේ
සෙලවෙන සෙවනැලි ගොඩේ
උබේ කටහඩේ ගොරහැඩි
අනියත බිහිසුනු පහසෙහි
අනන්ත අරුත් සොයන්න

සැවුල් හඩින් උඩු බිරුම් හඩින්
වෙන්කර අරගෙන කැටිකොට
හදේ පත්තියන් කරන්න
මොහොතක් දෙකක් රැදෙන්නම්

උදේ රේල්ලුව ඇතුලෙ ගුලිවෙලා
කොළඹ පැටවෙන්න පළමුව

ඔය හඩේ ගොත ගැහෙන පැටෙලන
වචනයක දෙකක ස්වරයම
අරැත්බර කලා වගේ දැනෙනවා
මගේ වැඩ කරන දවසම


උමතුවෙන් වගේ දොඩවන
උමතුවෙන් ගීත ගය ගය
උමතුවෙන් වගේ රගදෙන
තොග ගනන් වලට විකිනෙන කලාව රසවිද

උමතුවෙන් අපව රවටන
උමතුවෙන් බලය හසුරන
උමතුවෙන්කෙළින කෙළවන
රටම හූරගෙන ලගට ගොඩගසන දේසපාලනේ සුවවිද

උමතුවෙන් යදින මතුරන
උමතුවෙන් වදින පෙරලෙන
අතහරින මුදන මගට නිගාදෙන
බදා වැළද ගොඩ ගසා තබන බිම කාළීන බණම අස අස

හැමදාම නැගී ඒන
මෝඩ රැළි වලට
අහුවෙලා ඒකට කැලතෙන

මමයි මගේ යාළුවෝ ටිකයි

බෝල් වී අහුර වගේ ...

ඔය සැබෑ උමතු දෙනයන
යදින හිගා කන කටහඩ
කෝච්චිය පුරා විසිරෙන​
මූනිච්චාවට සිරික්කියට
පොළොවේ නොරදන රසකතා පෙළට
මහ උජාරුවට කන් දෙන මට

සමාජේ දරුණු ගින්දරේ
ජීවිතේ පුරා කැකෑරී සිදුන
කසායක් වගේ හරියට

අපේ පිළිබිඹුව උබේ ඇස් දෙකින්
දෝන්කාරයම උබේ කටහඩින්
දැනෙනවා වගෙයි මසිතට

රුපියලට දෙකට පිං දෙන
උබේ කෝප්පය අඩවන 

මමත් උබ වගෙම හිගන්නෙක් හිතින්

ජැන්ඩි හතරකට ඇන්දට


චමිල් හර්ෂණ එදිරිසිංහ
2010 අගෝස්තු

No comments:

Post a Comment

ඔඛේ අදහස