Showing posts with label තිර අදුර. Show all posts
Showing posts with label තිර අදුර. Show all posts

2 තිර අදුර


සුළං රැළි රැළි කපාගෙන වේගයෙන් පැදගෙන ඇදී යනවා
යතුරු පැදියද අවනතයි මා තරුණ ජවයට උදම් වී
ඈ හිදී මා පසු පසින් මා බද බදා ගෙන බියෙන් මෙන්
ඇගේ කෙහෙරැල් සුළං රැල්ලේ පැමිණ මා මුව සිප ගනී ..

'' කට් '' කියනවා නවත්තනවා ඈ බැහැල යනවා
බයික් ඒක ඇතුලේ නවත්තල
මං බැහැල එනවා
ගද ගහන මඩ කඩිති පැන පැන
මං ගෙදර යනවා

ලෑලි ගේ තුළ, බිමින් ඉදගෙන
ජංගි කොටයේ දූලි ගාගෙන
චූටි නංගී කෑ ගසයි ..

'' අන්න අයියා අන්න අයියා

යෝදයෙක් වගෙ ඉන්නවා
පියාඹනවා වේගයෙන්
කවුද අයියේ කවුද ඒ
හරි ලස්සනයි අක්කා ...''

හීන වැල් මත
හිනා මල් මල් ඇදි ඇදී යයි
ඇගෙ මුවේ


ඇදි ඇදී යයි

'බ්‍රෑන්ඩ්'

'පේ ඔෆ්ලයින්'
'ලෝගෝ '

මගෙ ඇගේ

චමිල් හර්ෂණ එදිරිසිංහ
2011 සැප්තැම්බර්