Showing posts with label පුබුදි. Show all posts
Showing posts with label පුබුදි. Show all posts



පුබුදි

තැවරුවේ පුන පුනා මා 
ලදලූ නා තොල් පෙති වසා
පැහැගැනී දිලිසෙනා දිවියේ මං මුලාවයි' ඔබ සිතයි.
..ඔබ සහමුලින් වැරදි නැතිමුත්,
ඒ රුචිය යහළුවන්ගෙයි.

දෙබැම ගලවා දමා ඇන්දේ
දේ දුන්න මෙන් වකට වක්වී
ජීවිතේ හිස්කම වසාලන වංචාවයයි' ඔබ සිතයි. 
ඔබ වැරදිනෑ ඒත් එයටත් 
පෙළඹවූයේ උන් තමයි.

හදිසියේ...
මහමගේ ..
හමුවුනා ඔබ - විදුලියක් වද
සරළ ඇදුමේ හිනාවේ,
ඔය බොරු මැනස් නැති කතාවේ
එක පැහැර බැදුනෙම් ම හිමියනි
මොහොතකට පය ගැටිනි පොළොවේ

බදිනු මා තව තව බදිනු 
ඉන්
ඇද බදිනු මේ මහා පොළොවට
තවතවත් පාවනු නොදී 
මේ නිසරු ආකාසේ

මුහුන සෝදා දමා එන්නම්
හෙටත් මේ බසයේ
නොවැරදී මුන ගැහෙනු හෙට යලි
විදුලියක් වාගේ නොවී

අද සිනාසී පලා යන්නම් 
හැරී නොබලා 
ගනන් උස්සා
සුවිනීත කෙල්ලක වගේ
හැම බොරුවටම උඩින්
'හරි අවිහිංසකයි' යන බොරුව පෙන්නා

රෑ පුරා මහ ගැඹුරු නින්දක් නිදන්නම් හෙට අවදිවන්නට
සැබැවින් ම එන්නට එසේ