අඩු මිනිහා
උදෑසන සිට සිතේ පිරී පවතින අලස ගතියෙන් මුළුමනින්ම නොමිදීම, ආලින්දය කරා සෙමින් ඇදී ගිය රම්‍යා,මිදුල දෙසත් ඉදිරිපස පෙනෙන පාර දෙසත් යන්තමින් බලා, යලිත් හැරීගොස් සිය කාර්යාල කාමරයේ දොරපියන හැර ඇතුලත දෙස බලා සිටියාය. වෙනදා ඇය වහා කාමරයට ඇතුල් වෙයි. මේසය අස්පස් කරයි. පහන දල්වයි. අද ඒ කිසිවකට එතරම් කඩිසර කමක් නොනැගෙන්නේ මන්දැයි ඈ නොදත්තාය.
මදකට කලින් පුතා අන්දවා පාසැල් වෑන් රියට ගොඩ කරවා යවා තනිවූ පසු, "නිවස" පාළුව දනවන විශාල අවකාශයක් බවට පත්ව ඇත. රාජකාරි වැඩක් සදහා ටික කලකට විදේශ ගතවූ සැමියා, සාමාන්‍යයෙන් සතියකට දෙතුන්වතාවක් කතා කලද, අද වඩා වැඩිපුර සිය මතකයට පැමිණෙතැයි ඈ සිතුවාය. උදෙන්ම දරුවා ඇහැරවාගෙන කවා පොවා අන්දවා පාසැල් පොත් බෑග් සකසා කරේ පලන්දවන අතරද, ඇය කීපවිටක් ම ඉබේටම මෙන් එසවුනු දෑසින් දුරකතනය දෙස බැලූවාය.
කාමරයට ඇතුලූවී ජනෙල් පියන් ඇර දැමූ රම්‍යා උදෑසන එළියත්, සුළ`ගත් එතුළින් ඇතුල් කර ගත්තී, මේසය මත වූ තම පොත් ටික පිළිවෙලට තබා, මුල්ලට වන්නට තැබූ බෝඩ් ලෑල්ල ගෙනවිත් ඉදිරිපස කණුවේ හේත්තු කළාය.
" ඉසිවර ජ්‍යොතිෂ්‍යය කාර්යාලය
හ`දහන් බැලීම, පොරොන්දම් ගැළපීම,
නම් තැබීම, නිවාස වර්ග කිරීම හා වාස්තු විද්‍යා උපදෙස්
ඇතුළු සියළුම ජ්‍යොතිෂය කටයුතු සදහා. "
මේ සතිය තුලත් සැලකිය යුතු පිරිසක් නොපැමිණි වග සිහි කළ රම්‍යා අදත් ඒ ගැන එතරම් නොසිතුවාය. සෙමින් අතුගා කාමරය පිරිසිදු කොට පුටුවේ හිද ගත් ඈ පොතක් ගෙන මුල සිට අගටත් අග සිට මුලටත් පිටු පෙරලෙන්නට හැරියාය. ඉන් නැගෙන සිහින් සුලං හඩට සිත යොමුකරමින් පාර දෙස බලා සිටියාය.
ඈත සිට තම නිවස දෙසට ඇදෙන කාන්තා රුවක් දැකගත් රම්‍යා ඇය අසල ගමක තමා මදක් දන්නා හදුනන යුවතියක වග හදුනා ගත්තාය.
—රම්‍යා ඔයාට මතකයි නේද මාව..˜
පැමිණ කාමරයට ඇතුළු වූ ඇය, හිදගන්නා ලෙස අතින් සන් කල රම්යාගෙන් හිදගන්නට කළින් විමසුවාය.
— මොකෝ මතක නැතුව,.කෙල්ලෙ .. හොදට මතකයි.˜
— ඔයාට මතකද ඔයා මගෙ හ`දහන බලල කියපු දේ˜
— ආහ්.. ඒකනං මට මතක නැහැ.. .. ඉතින්..˜
— .. ˜
සිනාසෙන ගමන් ඈ කතා කළාය.
— ඔයා කිව්වා .. මං කසාද බදින්නෙ අඩුපාඩුවක් තියෙන මිනිහෙක් කියලා.˜
—..˜
—ඉන්න, ඉන්න .. මට මතකයි.. හරි දැන් හොදට මතකයි. ..ඉතින්..˜
නැවතත් සිනාසුනු ඇය අතෙහි වූ කාන්තා බෑගය හැර එයින් රුපියල් සියයේ නෝට්ටු දෙකකුත් සිය හදහනත් ඉවතට ගෙන මේසය මත තබා සෙමින් රම්‍යා දෙසට තල්ලූ කලාය.
—ඒ වෙනකොටත් මම බදින වයස පහු කරන රිස්ක් එකේ හිටියෙ..˜
—හ්ම් ඒක මාත් දැක්ක˜
—මිනිස්සු කොච්චරනං ආවද.. මට කවුරුවත් ඇල්ලූවෙ නෑ ..අඩුපාඩුමයි දැක්කෙ.. කිසි අඩුපාඩුවක් නැති මිනිහෙක් තමයි මං හොය හොයා හිටියෙ. ˜
— මං ඒකත් දැක්ක..හඃ ˜
—මායි අම්මයි හ`දහන උස්සගෙන මෙහෙ ආවම ඔයා කියපුවයින් පස්සෙ මං හිතපු විදිය සේරම වෙනස් වුනා..˜
—...˜
— ඊට පස්සෙ ආපු පළවෙනි මනුස්සයටම මං කැමති වුනා .. බොරුවට නෙමෙයි .. ඇත්තටම මට හිතට ඇල්ලූව..මට බදින්න වෙන්නෙ අඩුවක් තියෙන මිනිහෙක්මනං මං බැලූවෙ.. මොකක්ද මේ මිනිහගෙ තියෙන අඩුව කියල..
.. බුලත් හෙප්පුව ගන්නකොට එක වැලමිටක් පෝඩ්ඩක් විතර එළියට බරකරළ තමයි ඇල්ලූවෙ. .. ඒක මොකක්ද.. පස්සෙ මට කිසි අඩුවක් පෙනුනෙ නෑ.. හැබැයි යනකොට මං හොදට බැලූව එක අතක් පොඩ්ඩක් පැත්තට වෙන්න තමයි තිබුනෙ .. කමක් නෑ.. හොදට විමසිල්ලෙන් බැලූවෙ නැත්තන් ඒක ඒහැටි පෙනුමක් නෑ.. ඔයිටත් වැඩිය ලොකු අඩුවක් තියෙන එක්කෙනෙක් හම්බුනානං එහෙම..! .
— පස්සෙ අපි කසාද බැන්ද.. එයා හරිම හොද කෙනෙක් .. මට හොදට සලකනව.. ඇත්තට ම කියන්න තරම් විශේෂ හොදක් වත් නරකක්වත් එයාට නෑ.. අතිශය සාමාන්‍ය මිනිහෙක්.. අරුම පුදුම වැඩේ ඒක නෙමෙයි රම්‍යා..
.. එයාගෙ අතේ වෙනස ඇති වෙලා තියෙන්නෙ කාලෙකට ඉස්සෙල්ල වැටිල අතකැඩිල තියනව.. ඊට එහා හොදකරන්න බෑ කියල හිතාගෙන හිටියට, පස්සෙ කාලෙක කව්ද යාළුවෙක් එයාව කොහෙද සිංහල වෙදමහත්තයෙක් ගාවට එක්කං ගිහින් .. පස්සෙ අත හොදටම හොදවුනා.. ඔයාට කියන්න සාමාන්‍ය තත්වෙටම ආව.. මං කල්පනාකළේ ඒක කොහොමද වෙන්නෙ කියල.. දැන් මේ මනුස්සයට මං එදා දැකපු අඩුපාඩුව නෑ .. එහෙනං මොකක්ද ඇත්තටම තියෙන අඩුපාඩුව.. මට නොපෙනෙන වෙන මොකක් හරි ලොකු අඩුපාඩුවක් තිබුනවත්ද...
.. ළමයි හම්බුනා ඊට පස්සෙ උන්ගෙ වැඩ .. මට ඕව හිතන්න වෙලාවක් නෑ.. ඒත් විඩෙන් විඩේ හිතට මහ කරදරයක් .. අභිරහස් චරිත තියෙන මිනිස්සු ගැන, ගෑනිට හොරෙන් රහස් ජීවිත ගතකරන මිනිස්සු ගැන කියවන්ඩ අහන්ඩ ලැඛෙන කොට මටත් මහ බයක් දැනුන.. සමහරවිට ශරීරයෙ නැතත් චරිතෙ අඩුවක් නං.. දැන් මේව හිතල වැඩක් නෑ ...කොච්චර කල් ගියාද .. පරක්කු වැඩී .. ලදදෙයින් සතුටු වීම.. මනස්ගාත වලින් වැඩක් නෑ .. ඕව හිතන්න ඇයි මට වෙන ප්‍රශ්න නැතුවටද... ඒත් මොනව හිතල හිත හදාගන්න බැලූවත් ආයෙ ආයෙත් මට මතක් වෙන්නෙම ඒකමයි.. මොකක්ද මං නොදැක්ක අඩුව.. බැරිම තැනයි මං ආවෙ රම්‍ය ..
—නෑ නෑ ඔයා ආපු එක හොදයි.. අපි බලමු..˜
—අපි කියන දේවල් ඒවිදියටම වෙනවයි කියළ මං කියන්නෙ නෑ නංගි. ඒව ඉගි විතරයි. ඇත්තටම ඒව වෙනස් වෙන්න පුළුවන් .. අනික ඇත්තම කතාව මං ඔයාට අද කියන්නං .. එදා මම ඔයාගෙ හ`දහනේ දැක්කෙ ඔයාට කසාද බදින්න හරිම අමාරුයි කියල. ඒවගෙම ඔයාගෙ හිත ටිකක් මුරන්ඩු ගතියක් තියෙන හැම දෙයක් ගැනම බලන කෙනෙක්. සමහර විට අඩු පාඩුවක් තියෙන කෙනෙක් ලැඛෙයි. සමහරවිට නොබැදම ඉදී.. කියල මට හිතුන.. දිගින් දිගටම තියෙන ඔයාගෙ මුරන්ඩුකම නැතිවෙන්නත් එක්කයි. මම කිව්වෙ අඩුවක් තියෙන කෙනෙක්මයි ලැඛෙන්නෙ කියල .. එතකොටවත් ඔයා බුරුලක් දෙන්නෙ නැතැයි... ˜
යුවතිය නෙත් හයා බලා හුන්නාය.
—ඇත්තටම අඩුපාඩුවක් නැතිකෙනෙක් ලබන්න ඔයාට පුලූවන්.. මන් හිතන්නෙ ඔයාට ලැබිල තියෙන්නෙත් එහෙම කෙනෙක් තමයි.˜
— ..˜
— මං හ`දහන් බලල කියන්නෙ බොරුයි කියල දොස් කියන්න එපා නංගි.. ඔයාගෙ මුරන්ඩු කමට කවදාවත් බදින්න ලැඛෙන එකක් නෑයි කියල මට හිතුන හින්දයි මං එහෙම කිව්වෙ..˜
දෙදෙනාම නිහඩව ඔවුනොවුන් දෙස බලා හුන්හ.යුවතියගේ මුහුනේ විශ්මය දනවන ඇස් දෙකකුත්, රම්‍යාගේ මුහුනේ වරදකාරී හැ`ගීමකින් පීඩා විදින ස්වරූපයේ මුවකුත් ඇදී තිබිනි.
— මං ඔයාට කතන්දරයක් කියන්නද.. ˜ රම්‍යා නිහඩතාව බිදින්නී, අතීතය සාදාරණීකරණය කිරීමේ නොතිත් උවමනාවෙන් පෙළුනාය.
—..˜
— එක වයසක මනුස්සයෙකුගෙන් තරුණයෙක් ඇහුවලූ " ඇයි සීයෙ ඔයා කසාදයක් නොබැන්දෙ කියල..., එත කොට ඒ මනුස්සය බොහොම දුකෙන් උත්තර දුන්නලූ , " පුතේ මං මගෙ ජීවිත කාලෙ පුරාම අංගසම්පූර්ණ ගැහැනියක් හොය හොයා හිටිය කියල..˜
— ..˜
— ඉතින් අර තරුණය හිනාවෙලා කියනවලූ " ඒකනෙ සීයෙ .. මේ ලෝකෙ අංග සම්පූර්ණ ගෑනු නෑ 'යි කියන්නෙ.. මටත් බැලූවොත් මොකක් හරි ඇදයක් පේනවමනෙ.. ඒ කතාව හරි ඇත්තක් නේද" කියල. ඒ ගමන අර වයසක මනුස්සය කොල්ලගෙ මූන දිහා බලල කියනවලූ " නෑ මට හම්බවුනා.. මට එකම එක පාරක් එහෙම කෙනෙක් හම්බවුනා.." කියල.
.. තරුණය පුදුමෙන් ඇහුවලූ " අනේ ඇයි.. ඇයි සීයෙ ඔයා එයාව බැන්දෙ නැත්තෙ " කියල.
— ..˜
— වයසක මනුස්සය කිව්වලූ ," එයා හිටියෙ .. අංගසම්පූර්ණ මිනිහෙක් හොය හොයා " කියල.
— ..˜
— ඔයාට තේරෙනවද නංගි.. ඔයාට තේරෙනවද ඒකෙ තියෙන යටිපෙළ ව්‍යංගය.˜
—හම්˜
—අපේ අඩුපාඩු අපිට පේන්නෑ නංගි, ඒව පේන්නෙ අනිත් අයටයි..අපි අනිත් අයගෙ සම්පූර්ණත්වය බලාපොරොත්තු වෙන්නෙ කොහොමද අපිත් සම්පූර්ණ නැතුව.. මං නං හිතන්නෙ .. අපි කවුරුවත්, මං කියන්නෙ පෘතක්ජනයො.. හැමෝම.. ඒ විතරක් නෙමෙයි .. මේ ජීවී අජීවී හැම දෙයක්ම අඩුපාඩු සහිතයි.. බලන්න දැන් ඔයා හිතනවද මම අංගසම්පූර්ණ ජෝතිෂ්‍ය කාරියක් කියල.. නෑ.. නෑ ඒ විතරක් නෙමෙයි මේ මේසෙ, පුටුව ඔයාට කියන්න පුළුවන්ද මේකතමයි ඉස්තරම්ම කිසිම අඩුපාඩුවක් නැති පුටුව කියල.. බෑ නංගි ,කිව්වත්.. වෙන කෙනෙක් හරි ඒකෙ අඩුපාඩුවක් දකී.. වැදගත් වෙන්නෙ ඒක නෙමෙයි. අපේ අවශ්‍යතාවයට ඒක ප්‍රමාණවත්ද කියන එකයි.. ඉංග්‍රීසියෙන් කියන්නෙ "ගුඩ් ඉනෆ් " කියල. ..˜
මේසය දෙසට නැමී රම්‍යාට කන්දී සිටි යුවතිය එක්වරම මේසයේ වූ තම හ`දහනත් මුදලූත් දෑතින් වසා ගත්තාය. ඉන් පසුව මුදල් ඉතිරි වෙන්නට හැර හ`දහන තමා වෙත ඇදගත්තාය. රම්‍යා ප්‍රශ්නාර්තයෙන් බැලූවාය.
— මට තිබුන හිසරදෙත් ඕක තමයි රම්‍යා.. දැන් හරි.. ආයෙත් මේක බලන්න දෙයක් නෑ..˜
රම්‍යා සිනාසුනාය. මේසය මත වූ මුදල් දැතින් වසාගත් ඈ ඒවාද යුවතිය දෙසට තල්ලූ කළාය. එහෙත් යුවතිය වහා ඈ නැවතුවාය.
—එපා රම්‍යා ඒක තියාගන්න.. ප්ලීස්..˜
— ..˜
— ඔයා හරි .. අපේ අඩුපාඩු පේන්නෙ අනුන්ට. හැබැයි.. රම්‍ය මගෙ මනුස්සය නම් කවදාවත් මගෙ අඩු පාඩු දැක්කෙනෑ.. ඒකත් කොච්චර දෙයක්ද...˜
— හම්˜
— ඔව් රම්‍ය හරි ඔයාගෙ අනාවැකිය හරි..˜
ඇය මහත් සොම්නසින් හිනැහුනාය.
—මට දැනුයි ඒක අදුනගන්න පුළුවන් වුනේ .. අඩුව.. සාමාන්‍ය නිරෝගී වැඩිහිටි පිරිමියෙකුට වගේ එයාට තමන්ගෙ ගෑනිගෙ අඩුපාඩු පේන්නෙ නෑ..˜
ඒ සොම්නසින්ම ඈ යන්නට නැගී සිටියාය. රම්‍යාද නැගිට ඈ පසුපස ගියාය. කාමරයේ දොර පසුකළ යුවතිය නැවතී යලිත් රම්‍යා දෙස බැලූවාය.
—එදා හදහන් බලන්ඩ ආපු දවසෙ මං ඔයාට "තැන්ක්යූ" කියල කිව්වද ?˜
— හඃ මොන තැන්ක්යූ..ද ඔයා තරහෙන් වගේ බිම බලාගෙන යන්න ගියෙ˜
ඇය වහා රම්‍යා දෙසට ලං වූවාය. ඇගේ දෑත ගෙන තම දෑතින්ම අල්ලා ගත්තාය. මිරිකුවාය.
එහෙනං මං දැන් කියන්නං ..˜
ඇගේ නොවැටෙන කදුළු කැට දෑසේ පිරී දිලිසෙයි.
තැන්ක්යූ රම්‍යා, තැන්ක්යූ සෝ මච්˜
ඇය සෙමෙන් පිටවී ගියාය.
රම්‍යා පිටවී යන යුවතිය දෙස නෙත් නෙසලා බලා හුන්නාය. වහා පැන කාමරය හොදින් අස්පස් කරන්නට බෝඩ් ලෑල්ල පිසදමන්නට හොදින් පෙනෙන සේ තබන්නට නොයිවසිල්ලක් ඈගේ සිත තුළ නැගෙයි. ඇගේ දෑස දිගටම ඈතින් නොපෙනී යන නැගෙනිය දෙසම බලා සිටී.
ඈ , ගේ තුලින් ඇසෙන දුරකතන නාදය නැගී, සෑහෙන වේලාවක් පැවතී නිහඩවී යන තෙක්ම සොම්නසින් පිරුණු දෑසින් පාර දෙසම බලා සිටියාය.
Harima lassanai ayiye.
ReplyDeleteNice one brother.... Proud of you....
ReplyDeleteලස්සනයි අය්යේ ....තව ලියන්න සුබපැතුම් ...
ReplyDeleteඇත්තටම අර්ථවත්..
ReplyDelete