පෙර කතාව නොහොත් පසුබිම
"විශ්වය රග මඩලකි. එහි රගන නළුවෝ අපි වෙමු." - ක්ෂේස්පියර්.
සිහිනයන් ඒකාකාරීව ගලා නොයයි. එයට අගක් මුලක් නැත. සිහිනය නිසා නින්ද කැඩුනාද, නැතහොත් නිදි නොමැති නිසාම සිහිනයක් මැවී පෙනුනාද යන්න මට නිසැකවම කිව නොහැකිය.
එහෙත් එසමයෙහි, නිදි වැරීමකුත්, සිහින දැකීමකුත් විය.
මම
'ඔවුන් ලග' රැගුවෙමි. ඔව්හු 'මා තුළ' රැගූහ.
________________________
නිදිවැරූ ස්වප්නය
ඔව්.., මම ඇඩුව තමයි., ඉතින් මොකද ?˜
එහෙම බෑ˜
ඇයි?˜
එහෙම වෙලා බෑ, ඇයි ජිවිතේ ශක්තිමත්ව ජීවත් කරවන්න බැරි, උදාසීනව විදවන්නැතුව.˜
කරුණාකරල තර්ක කරන්න එපා, ජීවිතය තර්ක කරල තේරුම් ගන්නවත්, විග්රහ කරන්නවත් හදන්න එපා. ජීවිතේ අතාර්කිකයි.˜
විකාර., මං කියන්නෙ මේකෙ කිසිම විදියක් නැහැ.˜
මං කිව්වනෙ මේක ට්‍රැජඩි එකක්වත් කොමඩි එකක්වත් නෙමෙයි.˜
ඔව්., ඔයාගෙ මහලොකු විකාර රූපී නාට්‍යය. පුස්ග`ද ගහන, ඉරිතලපු මේ කසිකබල් ර`ගහලේ ඔයයි, ඔයාගෙ විකාර රූපී නාට්‍යයයි තනිවෙලා.˜
ඉතින්˜
ඒකෙ කිසිම වැදගැම්මක් නෑ. නාට්‍යක් උනහම ඇයි ටිකක් ක්‍රීයාකාරී වෙන්න බැරි˜
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
කරුණාකරල නිහඩ වෙන්න. මං මේ කියන්නෙ හැමෝටම ඇහෙන්ඩ, මිනිස්සු බලන් ඉන්නව, අපි නාට්‍යය කරන්න ඕනැ. ඒකෙ වැදගැම්මක් ඇතත් නැතත්.˜
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
හොදයි දැන් හැමෝම ලෑස්ති වෙන්න. මතකයිනෙ හැගීම් ප්‍රකාශ කරන්න.,තදට මිනිස්සුන්ට තේරෙන්න, දැනෙන්න. - ගිහින් පෙන්නන්න ඔයා ඉන්නෙ දුකෙන් කියල.
- නෑ එක්කො එපා - සිංදුවක් කියල පටන් ගන්න. හිතේ තියෙන දේවල් හංග ගන්න, හිර කරගන්න. ගිහින් මූනිච්චාවට හිනා වෙලා එන්න.
- හරි ඔන්න තිරේ ඇරිය.˜
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
සිංදුව ඉවරයි. හරි දැන් දැඩි නිහඩතාවයක්. තව ටිකක්. ශ්ෂ්..ශ්ෂ් නිහඩතාවය තියාගන්න. නියමයි. මිනිස්සු ඇස් අයාගෙන බලන් ඉන්නව..,
- ඇයි ඔයා එක පාරටම කඩා පැන්නෙ. ඒයි කෙල්ලෙ මෙනවද ඔය කරන්නෙ, නෑ හොදයි. ඔය විදියට කරගෙන යන්න..,
- ඇරපු අතක් නෑ, ඔයත් එයා වගෙමයි. රූපෙ වෙනස් වුනා. පසුතලය වෙනස් වුනා.ඇදුම් පැලදුම් දෙබස් සේරම වෙනස් වුනා., ඒත් චරිතය ඒකමයි.
ගොඩක් හොදයි. කෙලිලොල්, ජීවයෙන් පිරිල. ඒත් ප්රශස්තයක් තියාගන්න. , ඔය ඇති ළමයො නැටුව. ඔයා මගෙ නාට්‍යයෙ අභිප්‍රේතාර්ථය නැති කරන්ඩද හදන්නෙ.
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
හොදයි කෝ අපේ කට්ටිය. පටන් ගන්න නරියා සහ මිදිවැල.,
- කෝ මේ නරිය ˜
මම˜
හරි, එන්න ඉක්මනින් - උඩ පනින්න ˜
මට බෑ˜
ඇයි˜
මම දන්නව උස නෑ˜
කමක් නෑ පනින්න˜
මට බැහැ˜
නැහැ ඔයා පනින්ඩම ඕනැ˜
ඇයි˜
ඔයා නරියෙක් නිසා˜
හැම නරියෙක් ම එක වගේ වෙන්ඩ ඕනැද, සම්ප්රදාය බිදින්න බැයි ද ? ˜
ඒත් ඔයා නැහැයි කියන්ඩ එපා., ඔයා මිදි වලට ආසයි˜
ඔව් ඉතින් මම කිව්වෙ නෑනෙ මිදි තිත්තයි කියල, ඒව රසයි. ඒත් උස නෑ. ආ ඔයාගෙ ඔළුව, මෙන්න වලිගෙ මං යනව.˜
හොදයි ., ගිහින් එන්න. මෙහෙන් යන්න , දොර මේ පැත්තෙ.˜
-
හොදයි මං බලාගෙන ඉන්නම් පැත්තකට වෙලා. ඔයාල නාට්‍ය කරගෙන යන්න.
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
දුෂ්මන්ත ආව. වෙදිකාව ආලෝකමත් උනා. සදතරු ගහකොල පිබිදිලා. අද හරි ලස්සන දවසක්, ජීවිතේ සුන්දරයි නේද ?˜
දන්නෙ නෑ˜
එහෙනං ලිපට පනින්න˜
පොඩ්ඩක් ඉන්න., අර කවුද වැන්ගෝ නේද ?˜
හ්ම් වින්සන්ට් වැන්ගෝ - ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිය˜
පිස්තෝලෙකුත් අරගෙන තිරිගු යායක් මැද, ˜
මිනිහට පිස්සුද කොහෙද..˜
නෑ පැටියො., බලාන ඉන්න උන් හරිම සංවේදී මිනිස්සු, උන්ට පොඩි දේකටත් රිදෙනව. මිනිහගෙ හිතේ මොකක්දෝ ලොකු ශෝකයක් පල් වෙනව. බලන්න එයා එක හොදට පෙන්නනව˜
ඒත් ජීවිතේ තියෙන්නෙ විදවන්න නෙමෙයි., රස විදින්න.˜
මොකක්ද ඔයා රස විදිනව කියල අදහස් කලේ..˜
රස විදින එක, සතුටු වෙන එක, තෘප්තිමත් වෙන එක˜
තේරෙනව කියන දේ. ජීවිතේ රස උරන්න.., හහ්., ඉපදුනා, කනව, බොනව, ඒවයින් සතුටු වෙනව, ලිංගිකව සතුටු වෙනව, සතුට හොයාගෙන යනව, සැපය සොයාගෙන යනව, හරි මොකක්ද ඒකෙ තියෙන මහලොකු දේ්. ඕක සත්තුත් කරනව ˜
හරි එතකොට ඔයා මොකක්ද කරන්න කියන්නෙ˜
ඒකද ජීවිතේ හරය, ඉපදිලා ජීවිතේ උපරිම රසවිදල මැරිල යන එකද , "ජීවිතේ හරය", ඒකද සාදනීය අරමුණ, ශාක්සාත් කරගතයුතු ජයග්‍රහනය, විමුක්තිය.˜
නැතුව˜
නැහැ ඊට වඩා දෙයක් මේකෙ තියෙනව -
ඇයි අපිට බැරි ජීවිතයට අළුත් අර්ථයක් දෙන්න. අපි හැමෝම දුවන්නෙ අනාදිමත් කාලයක් හැම මිනිහෙක්ම දුවපු රේල් පීල්ල උඩ නේද ? ස්වභාවිකවම අපි තියරියකට යට වෙලා. සොබාව දර්මය අපිව යටකරගෙන අපිව නටවනව රූකඩ වගේ ., ඉපදියන්, අඩපං, පොඩිකාලෙ මෙහෙම ඉදපං, සෙල්ලං කරපං, ලොකුවෙයන්, සතුටු වෙයන්, විරුද්ධ ලිංගිකයන් එකතු කරගනින්, වර්ගයා බෝ කරපං, දැන් ඉතින් උඛෙන් වැඩක් නෑ මැරිල පලයන්. ඕකයි, ඕකයි මහලොකු ජීවිතේ, හිතන්න මොකක්ද මේ ජහජරාවෙ රසවිදින්න තියෙන්නෙ.˜
ඉතින්˜
ඇයි අපිට බැරි මේ සේරම කඩා බිදගෙන නිදහස් වෙන්න.˜
ඒක කරන්න බෑ˜
ඇයි බැරි.., මයිකල් ඇන්ජලෝල, ඩාවින්චිල කලෙත් ඒ දේ කියලයි මටනං හිතෙන්නෙ.., ක්‍රිස්තුස් වහන්සෙ කලෙත්, ගාන්ධි කලෙත්, ඕෂො කලෙත්, ක්‍රිශ්ණ මූර්ති කලෙත් ඒක. සොබාව දර්මයේ සාමාන්‍ය ක්ෂුද්‍ර ප්‍රාණීන් වෙලා ඉපදිලා ඔව්න් සොබාව දර්මය නොගිය තරම් දුර ගියා. සමහර වෙලාවට මනුශ්‍යත්වය පවා ඉක්මවා ගියා.
ලෝකයේ ශේෂ්ඨයන් බිහි වුනානං හැමෝම කලේ ඒක. ඒක තමයි විප්ලවය. මේ විප්ලව කාරයන්ගෙන් ලෝකයේ ශේෂ්ඨතම විප්ලවය ජයග්‍රහනය කළේ ශාක්‍ය කුළයේ උපන් සිද්ධාර්ථ කියන විප්ලවීය තරුණය.˜
කොයි මාර්ග වලින් ගියත් ඒ හැම ශේෂ්ඨයෙක්ම උත්සහ කළේ හිරවෙලා කොටුවෙලා තියෙන ජීවිතය පුළුල් කරන්න., නිදහස් කරන්න.˜
ඉතින් කියෝ කියෝ ඉන්නැතුව ඇයි ඔයත් නිදහස් වෙන්නැත්තෙ. මේ කසිකබල් නාට්‍ය පැත්තක දාල ගිහින් ජීවිතය පුළුල් කරන් නැත්තෙ˜
ඒක තමයි ගැටළුව, හේතුව මම ශේෂ්ඨයෙක් නොවීම. මමත් හිරවෙලා. ඇලිල, බැදිල, මටත් ගැලවෙන්න බෑ, ඒත් අඩුම තරමෙ මං දන්නව මේක උගුලක් කියන එකවත්˜
විකාර., ඔයාටත් පිස්සු වැංගෝට වගේ.˜
සබ්බේ පුතුජ්ජනා උම්මත්තතිකා˜
ඔය කිව්වෙ -
- කොහෙද ඔය යන්නෙ ඔයත් ර`ගපානවද.., ඔයා කව්ද මයිකල් ඇන්ජලෝද ? ˜
නෑ˜
එහෙනං˜
මමයි සොදුරු ආඥාදායකයා ... ,නාට්‍ය නිශ්පාදක ඒවගෙම අධ්යක්ෂ ˜
පුහ්˜
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
වැංගෝ ඇති දැන් , ව්‍යාකූල මානසිකත්වයෙන් පල්වුනා ඇති. ඔයාගෙ දක්ෂතාවන්, වටිනාකම් මතු කරල ගන්න. යන්න, හරි තිරේ වහපු ගමන් යන්න. ජීවිතේ සැහැල්ලූවට ගන්න. ජීවිතේ සුන්දරයිලූ, අරය කිව්වෙ . ˜
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
මේ කවුද පැත්තකට වෙලා ඉදගෙන ඉන්න කට්ටිය , ආ මෙයාල - දස්කොන්, ක්‍රිෂ්නා, දුෂ්මන්ත, රාමා ,රෝමියෝ, නල කොහොමද මගේ ශේෂ්ඨ පෙම්වත්තු˜
විකාර කතා කරන්න එපා අධ්යක්ෂ තුමා. ඔයා හරිම අසාධාරණයි. බලන්න පිටපතේ අපිට වෙන්කරල තියෙන ඉඩ මදි. හරියට නෑ වගේ.˜
කෑ ගහන්න එපා ඉවසන් ඉන්න˜
කොච්චර ඉවසන්නද, මේකෙ ඇති වටිනා කමක් නෑ., අපෙන් වටිනා කමක් එකතු කරගන්න ඔයා දන්නෙත් නෑ˜
දස්කොන් ඔයා හිතනවද ඔයා මහලොකු ශේෂ්ඨයෙක් කියල˜
නැතුව - ඒක නෑ කියන්න ඔයාට බෑ˜
අනුන්ගෙ ගෑනු එක්ක ලගින එකද ශේෂඨත්වය˜
ඔයා දන්න දෙයක්නෑ, අපේ ශේෂ්ඨ ප්‍රේමය පාච්චල් කරන්න ඔයාට අයිතියක් නෑ˜
ඒක තමයි අසික්කිත කම. වලත්ත කම. තමුසෙ ශ්‍රේෂ්ඨත්වයට පත්වුනේ රජ්ජුරුවො තමුසෙගෙ ඛෙල්ල කපපු හින්ද - මං එහෙම රජා උනානං කපන්නෙ තමුසෙගෙ ඛෙල්ල නෙමෙයි˜
තමුසෙ මහලොකුවට හැම මලදානෙම දන්න මහලොකු පොර වගේ කෑ ගැහුවට තමුසෙ දන්න දෙයක් නෑ. ඒකයි ඇත්ත. තමුසෙ පදනම් විරහිත දැඩි මතදාරියෙක්.˜
මාත් එක්ක තර්ක කරන්න එපා. මතක තියා ගන්න. මමයි අධ්යක්ෂ, නාට්ටිය මගෙ.˜
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
හරි. කට්ටිය පටන් ගන්න ලෑස්ති වෙන්න. ඉක්මනට "කපුටා සහ කේජු කෑල්ල" - කෝ මේ කපුටා˜
- මේ ඉන්නෙ ඇයි ඔයා ඔච්චර කළු˜
මම කපුටෙක් නිසා˜
හොදයි කපුටා එන්න. ගන්න මේ කේජු කෑල්ල හොටට. ගන්න ගන්න ඉක්මනට., රස බැලූවටනං කමක් නෑ එත් කන්නෙ එහෙම නෑ හරිද ?
- හරි ඔන්න පටන් ගන්න. දැන් කොහොම හරි කේජු කෑල්ල වට්ටන්න˜
මම ඔයාගෙ හැටි දැන ගත්ත˜
කොහොමද ? ˜
මට කෙනෙක් කිව්වා ˜
කව්ද ? ˜
කෙනෙක්˜
හරි මොකක්ද දැනගත්තෙ˜
ඔයා.., වැඩක් නෑ ඔයාගෙන්.. ඇයි ඔයිට වඩා ප්‍රාණවත් වෙන්න බැරි, ශක්තිමත් වෙන්න බැරි, ඔයාට ශක්තියක් නෑ - ඒකයි දැනගත්තෙ˜
ඔව්, මම ඇඩුව තමයි. ඉතින් මොකද ? ˜
අන්න හරි. අන්න කේජු කෑල්ල වැටුන. හරියට හරි. ඒක නරිය ඩැහැ ගත්ත. ඌ කොච්චර කෑදර විදියටද ඒක ගිල ගත්තෙ.-
-අනේ දෙයියනේ මගෙ කේජු කෑල්ල˜
දුක් වෙන්න එපා අධ්යක්ෂ තුමා, ඔබ තුමාමනෙ කිව්වෙ ඒක අතාරින්න.˜
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
කවුරු හරි එන්න., කවුද ඔය ක්ෂේස්පියර්ද ?, හෝමර්ද ?, ඕමාර් කායිම් ද ? කව්රු උනත් කමක්නෑ වෙලාවෙ හැටියට. ඉක්මනට එන්න. මේ මුස්පේත්තු කම ඇරිල යන්න කවියක් කියන්න. අළුත්ම එකක්.˜
අළුත්වනං නෑ, පරණ එකක් දෙන්නං - කාටවත් නොකියපු ˜
හොදයි කමක්නෑ කියනව˜
මගේ
හුරතල්
ඉබ්බියේ
උබේ පිටේ
ඉටිපන්දම් ගසා
පාකර හරින්නම්
හද විලේ ˜
විකාර.., නවත්තන්නත මොකද මේ ලයිට් වෙනස් වෙන්නෙ. ආලෝකට රදවගන්න. වෙනස් කරන්න එපා. -
- සේරම හරි කරගෙන යං˜
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
මනමේ කුමාරය, මොකද මේ..., කෑගහන්න එපා, ඔයා දැන් මැරිල˜
ඒත්.. ඒත්.˜
කට පියාගෙන ඉන්න, මිනිස්සු හූ කියයි.˜
ඒත් මං එයාට ආදරය කළා˜
හරි දැන් කට පියන් ඉන්න. ඔයා මැරිල එකපාරක් කිව්වනෙ˜
මට බෑ කට පියන් ඉන්න˜
ඔයාට තිබුන ඒ වෙලාවෙ සටනින් දිනන්න. දැන් වැඩක් නෑ. මේ අහන්න කුමරියට වරද පටවන්න එපා. එයත් ඒ වෙලාවෙ අසරණයි. වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ ප්‍රායෝගිකව. එයත් කෙල්ලෙක් . තේරුම් ගන්න. දැන් වැඩක් නෑ කතා කලාට ඔයා මැරිල. මැරිච්ච විදියට ඉන්න කරුණාකරල.˜
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
කෝ මියුසික් දෙන්න හොදයි තවටිකක් - හරි -
- කව්රුහරි ගහින් විහිළුවක් කරල එන්න. කුණු හරුපයක් හරි මොකක් හරි කියල එන්න.˜
මොකද බං උබ කල්පනා කරන්නෙ - අවුලක්ද, මට පේනව මොකාක් හරි අවුලකින් උබ ඉන්නෙ˜
මොකුත් නෑ බං සේරම හරි˜
හොදයි. ඒ විහිළුව හොදයි.
ංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංංං
කට්ටිය නිස්සද්ද වෙන්න. සුගතපාල ද සිල්වා මතකද ? ගොඩෝ උන්නැහෙ එනකං -
- බලාගෙන ඉමු වෙන දෙයක් වෙච්චාවෙ යන කෙනෙක් ගියාවෙ අපි ඉමු ගොඩෝ උන්නැහෙ එනකං. මිනිහ ල`ග එනව ඇති බාගදා ˜
වැංගෝ - හරි , වෙන විකල්පයක් නෑ ., ඔයා වෙඩි තියාගන්න.˜
දුර ඈත බව දැන දැනත්
රෑ පුරා
බලා හිටියා සද දිහා
කැහැටු ගැහුනු කටුකන බල්ලෙක්
වරහනක් (හැමදාම කටුම කෑ බල්ලෙක්)
වරහන වහල,
ඌ බිරුවේ නෑ - පෙම් කලා,
සදට
බිරුවා
සද
ඌට ˜
කවුද ඒ කවියා. කරුණාකරල නිහඩ වෙන්න., මට කල්පනා කරන්න ඉඩ දීල˜
ඔබ දන්නවනම්
එක කදුළු බිදක්
හිත යටට වෙලා දුක් විදින තරම්˜
මාව විහිළුවකට ගන්නද හදන්නෙ, මං දැනගෙන හිටිය.., මේ නාට්ටිය විකාරයක් , ඒක සමහර විට විහිළුවක් විතරයි යාළුවො ටික වට කරගෙන කියල පාච්චල් කරල හිනාවෙන්න පුළුවන් - වෙලාවකට නිදිමත හැදෙන කරදරයක්˜
මොකද උනේ ලයිට් ගියාද ? ඇයි කළුවර උනේ . කෝ අපේ කට්ටිය. මොනා හරි ර`ග පාන්න. මොනාහරි කමක් නෑ-
- ඔක්කොම හරි, පොඩ්ඩක් ඉන්න. මම වේදිකාව කෙළවරට ගිහින් බලන්න˜
ඔව් මේක තමයි ඇත්ත-
- මම ඇඩුව තමයි,
පොඩි දේකටත් රිදෙන ඒ සංවේදී කම හැමදාම තිබුනාවෙ -
- ගල් හිත් තියෙන මහලොකු වීරයන්ට නින්දා වේවා -
- උන් මගේ නාට්ටියට අවශ්‍ය නෑ ˜
බලන්න..,
ප්‍රේක්ෂකාගාරය හිස්, හැමෝම නැගිටල ගිහින් ., කෝ අපේ කට්ටිය. ඇහුනද දැං අපි නිදහස්. සිංදුවක් කියන්න. කෝ මේ අය -
රූකාන්තට අඩගහන්න ,
එන්න.., කියන්න අරක " සෙනෙහස දෙවොළකි"
නෑ එපා.., අනික ජෝතිපාල කියාපු සිංදුව කියන්න
මුලදි බැන්ද ආදරයක˜
කරුණාකරල ලයිට් නිමන්න. මට නිදහසේ අඩන්න ඕනැ˜
-
අපේ කට්ටිය මතක තියා ගන්න
ප්රේක්ෂකයො හැමෝම නැගිටල ගිහින්
ඒත් නාට්ටිය තාම ඉවර නෑ ˜
______________________________
පසු කතාව නොහොත් සරළ තේරුම
කතා නායකයා හිතින් විතරක් ගෑනු ළමයෙකුට ආදරය කළා. එයා එක දවසක් ඇවිත් ඉස්සර දවසක ඔයා ඇඩුව නේද කියල පරණ කතාවක් කියල ඔහුට විහිලූ කළා. පස්සෙ එයාට ඒ කතාව කියපු කෙනත් එක්ක යාළු වුනා.
........
( එච්චරයි )
කිසි කෙනෙක් මුකුත් ම ලියල නැත්තෙ ඇයි...??
ReplyDeleteකියෙව්වෙ නැද්ද..??
තේරුනේ නැද්ද..??
දැනුනේ නැද්ද..??
මේ ගැනනම් මට දුක හිතුනා.
පසුගිය ටිකේ කමෙන්ට් තීරුවේ පොඩි තාක්ෂණික දෝෂයක් තිබුනා. ලගදි තමයි හැදුවේ.. මේ කතාවත් ලගදිපෝස්ට් කලේ .. දැන් මගේ බ්ලොගේටම ලැබුන පලවෙනි කමෙන්ට් එක සර්ගෙ... ස්තුතී බොහොම.
Delete